IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ලංකාවට තවත් ’’කප්’’ එකක්

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව  ලෝක බැංකුවේ සංවර්ධන  දර්ශක අනුව පෙනීයන්නේ යැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව  2000 වර්ෂයේදී   රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් සියයට 33ක මුදලක් ගෙවා ඇත. ඒ අනුව  ශ්‍රී ලංකාව  ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්විය.

2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත්විය. ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් සියයට හතළිස් දෙකකි.

ඊට පසු ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ   වැඩිම පොලී ගෙවන රට බවට පත්විය.  රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී  වැය කර ඇති මුදල  සියයට 71කි. පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා සියයට 77ක් ගෙවූ බව  මහ බැංකු වාර්තා හෙළිකරයි.

2020 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන්  ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර  ලෙබනනය පළමු ස්ථානයට පත්ව තිබිණ. එරට රාජ්‍ය ආදායමෙන් සියයට අනූපහක මුදලක් ණය පොලිය සඳහා ගෙවා තිබිණ.

ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව  පෙනී යන්නේ යැයි  අතු කෝරළ මහතා කීවේය.



අදහස් (0)

ලංකාවට තවත් ’’කප්’’ එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1088 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site