(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක,රංජිත් රාජපක්ෂ)

ලිඳුල ප්‍රාදේශිය රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් දෙදෙනෙකුට වහාම ස්ථාන මාරුවීම ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් සිව්දෙනෙක් හා සුළු සේවකයින් 12 දෙනෙක් අද (13) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක්  ඇරඹුහ.

මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ලිඳුල රෝහලේ සේවයේ නියුතු හෙද නිලධාරීන් දෙදෙනෙකුගේ ඇතැම් ක්‍රියාවන් නිසා පරිපාලනයට  බාධා පැමිණ ඇති හෙයින් ඔවුනට වහාම ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස  ඉල්ලා මෙම පිරිස වර්ජනය ක්‍රියාත්මක කරති. 

ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

 

ඡායාරූප - රංජිත් රාජපක්ෂ