ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙසින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 24 ක් රැගෙන ඒමට උත්සාහ කිරීමේ ජාවාරමක් ඉන්දීය රේගු දෙපාර්තමේන්තුව විසින් කළ වැලීමකදී හසුවී ඇතැයි ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වෙබ් අඩවිය අද(23) වාර්තා කළේය.
එම දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත රේගු නිවාරණ අංශ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් එක්ව සිදුකළ වැටලීමකදී එම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉන්දීය රේගු බාරයට ගෙන ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
තූත්තුකුඩි මුහුදු ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් අදාළ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවද කියති.
අදාළ වැටලීමේදී එලෙස ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 24 ක තොගය බෝට්ටුවක තිබී සොයාගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි ජාවාරම්කරුවන් එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන වෙරළේ යාත්ර කරමින් තිබූ අතර එම ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට වෙඩි තැබූවද ඔවුන් එම මත්ද්‍රව්‍ය තොගය අත්හැර පලා ගොස් ඇති බව ද සඳහන්ය.
-125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd