චමිල් රූපසිංහ
කාමරයක් තුළ ආහාරපාන පවා නිසි ලෙස නොදී සිරකර සිටි බව කියන අනූහය හැවිරිදි සය දරු මවක මහනුවර පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
කටුගස්තොට යටියාවල අන්තෝනි වත්තේ නිවසක සිරකර සිටි මෙම මහලු මවගේ එක් දියණියක ඇයට මෙලෙස අමානුෂික ලෙස සලකමින් නිවසේ සිරකර තබාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.
මළ මූත්‍රා පහ කිරීමෙන් පසු මාස ගණනාවක් ඒවා පවිත්‍ර නොකිරීම හේතුවෙන් මහලු මව සිටි කාමරයේ ඇඳමත හා ඇගේ ශරීරය පුරා පණුවන් සිට ඇති බවත්, නිවසේ වසා දමා තිබූ අඳුරු කාමරයක සිටි මව පොලිස් නිලධාරීන් දුටුවිට අතින් සංඥා කරමින් ආහාර ඉල්ලූ බවත් පොලිසිය කියයි.
පිරිමි දරුවන් තිදෙනකු හා ගැහැණු දරුවන් තිදෙනකු මෙම මවට සිටින අතර එක් ගැහැණු දරුවෙකු ඇගේ නිවසේ මව රඳවා තබා ගනිමින් සෙසු සහෝදරයින්ට ඇයට සැලකීමට හෝ අවස්ථාව නොදී ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත. මෙම කාන්තාව ඇගේ මවට යම් ආහාරයක් ලබා දීමට ප්‍රදේශවාසීන්ට පවා ඉඩ ලබාදී නොමැති බව පොලීසිය පවසයි.
තම සහෝදරියක විසින් සෙසු සහෝදර සහෝදරියන්ටද සැලකීමට අවස්ථාවක් නොදී මව සිරකර තබාගෙන සිටින බවට මවගේ පුතෙකු මධ්‍යම පළාත් නියෝජ්‍යය පොලිස්පති මහින්ද ඒකනායක මහතාට කළ පැමිණිල්ලකින් පසු ඒ මහතා මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ දැනුම් දීමකින් පසු පොලීසිය අද (09) අදාළ නිවස සෝදිසි කිරීමකට ලක්කර තිබේ.
පොලිසිය ඇය රෝහල් ගත කර තිබේ.



COMMENTS
මම නම් මේ පුවත කියෙව්වෙත්, දමා ඇති පින්තුර ටික බැලුවෙත් හරිම අමාරුවෙන්. මෙවැනි දේවල් වෙන්නේ අපි ඉපදුන ,හැදී වැඩුන ලංකාවේද කියලා හිතුනා. මේ මහලු මවට ,එක දියණියක් මෙසේ සලකන කොට ,අනිකුත් දරුවන් 5 දෙනා මෙතරම් කල් කොහෙද හිටියේ?
අනේ මේ රත්තරන් අම්මට තවත් කාලයක් හොදින් ජීවත්වෙන්න අවස්ථාව ලැබේවා!! ඔබ අප සියල්ලෝටම මවුගුණ පිලිබදව හැගුම්බරව සුජාත අත්තනායක මහත්මිය විසින් ගායනා කල ගීතයක පද කීපයක් ලිවීමට සිතුනෙමි. දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා... වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා... පසළොස්වක සදවගේ එලිය ගෙනෙනවා... මගේ අම්මා මට ජිවන සුවය සදනවා..
අනේ පව් මේ අම්මා
මම එනවා ලංකාවට ඇවිත් මහලු නිවසක් සහ අනාථ නිවසක් හදනවා. ඔය කාටවත් වයසක අම්මල අප්පචිල එපානම් මට බාර දෙන්න. දරුවෝ එපානම් මට බාරදෙන්න. මම බලාගන්නම් ජීවත් වෙනකම් ළඟදීම මම එනවා.
ඉතා හොඳ දරුවන් සිටිනා අතරම සමහර දරුවො අම්මා තාත්තට සළකන්නේ දේපළ ලියාගන්න කම් විතරයි. ඉන්පසු මෙහෙම තමා. මෙහෙම නැතත් මානසිකව වද දෙන තව තවත් දේපළ දෙන ලෙස අසැබි වචනයෙන් බනින අධිකරණ මාර්ග වලට පවා මහළු දෙමව්වපියන් රැගෙන යන දරුවන් මෙ සිරි ලංකා දිපයේ අනන්තවත් ඉන්නවා. නමුත් රටට පෙන්වන්නේ සත්ගුනවත් දායිකාවො කියලා.
සඳවත රන් තරු කැකුළු පිපේව පොළොවෙහි මිනි මුතු කෙට බිහි වේවා ... දුවෙකුට අම්මගේ අගය දැනේවා. අම්මගේ දෙපා ලග තමාට ස්වර්ගය ඇත.
බටහිර රටවල දරුවන් වයසක දෙමව්පියන්ට නොසලකන බව කියමින් කාලයකට ඉහතදී ලංකාවේ මිනිස්සු පාරම් බෑවා. බුදු දහමින් පෝෂණය වී තිබු යුගයේ ශ්‍රී ලංකාවේ මිනිසුන් මුළු ලොවටම ආදර්ශයක් වනසේ දෙමව්පියන් රැකබලා ගත්තා. විවෘත ආර්ථිකයක් නමැති අටමගුලක් ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වා දුන් දවසේ පටන් සාරධර්ම හා ඇගයුම් පද්ධතීන් මිනිස්කමද යටකර ගෙන දොරේ යන්න පටන් ගත්තා. වරෙක මව මෙන් වූ මිහිකත ලස්සන කළ, එය රැකගත් වෘක්ෂ දේවතාවුන් හිත් පිත් නැතිව කපා හෙලන්න පටන් ගත් දා සිට හැඬු ලක් මෑණිගේ කඳුලුත් වියැළී ගියා. දස මසක් කුස දරාගෙන සියලු දුක් වේදනා දරා ගනිමින් දරුවෙකු ලොවට බිහිකර සතුටක් ලැබූ අම්මාට මේ අන්දමින් සළකන දු දරුවන් සිටින රටක් දේශපාලනයෙන් පමණක් ගොඩ ගන්න බැරි බව අද දිනයේ සටහන් කර තබමි.