IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


9 දෙනෙකුගේ මව රැකබලා ගැනීමට බැරියයි පොලිසියට ගෙනත් දාලා

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල දොඩම්ගොල්ල උඩවැඩිය ප්‍රදේශයේ 82 හැවිරිදි නවදරු මව රැකබලා ගැනීමට නොහැකි හෙයින් අනාථ නිවාසයකට බාරදෙන ලෙස ඉල්ලා ඇගේ පුතකු විසින් ඔහුගේ මව ඇල්ල පොලිසියට ගෙනවිත් බාරදෙනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
ඇගේ සැමියා මීට වසර 30කට පෙරදී මියගොස් ඇති බවත් ඇය ගරා වැටුන නිවසක තනිව ජීවත් වී ඇතැයි ද පොලිසිය කියයි.

එසේ තනිව ජීවත් වන අතරේ ඇගේ දරුවන්ගේ නිවෙස්වලද විටින් විට වාසය කර ඇතැයි පොලිසිය පවසයි.මීට පෙරද ඇගේ දියණියක විසින් ඇයව රැකබලාගැනීමට නොහැකි බව කියමින් ඇය පොලිසියට ගෙනවිත් බාරදුන් බවද කියැවේ.

ඇය රෝගී තත්ත්වයෙන් සිටින බවද පොලිසිය කියයි.එම මවගේ දරුවන් සියලු දෙනා කැඳවා අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව  ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂඛ එල්.ඩී කරුණාරත්න මහතා පවසයි.



අදහස් (7)

9 දෙනෙකුගේ මව රැකබලා ගැනීමට බැරියයි පොලිසියට ගෙනත් දාලා

පිටිගල මිලානෝ Wednesday, 17 May 2017 06:39 AM

හතර වටේට බණ ඇහෙන, සුදුවතින් ගොස් බෝගස් පමණක් නාවන, ලෝකයේ උතුම්ම රට කියා පොඩි පන්තිවල උගන්වන, නිර්මල බුදුදහම පවතින එකම රට යයි උදම් අනන මේ රටේ මෙහෙම දේවලුත් වෙනවද? බලාගෙන ගියාම වැඩි හරියක් ඉන්නේ පව්කාරයෝනේ.

:       16       34

nihal Wednesday, 17 May 2017 09:36 AM

සාරධර්ම පිරිහෙච්ච රටක වෙන දේවල්වලට මොනවා ලියන්නද.

:       3       9

kumar (galf) Wednesday, 17 May 2017 10:04 AM

රටේ පුජකයෝ දේශපාලනේ හා ව්‍යාපාරවල, මිනිස්සුන්ට ධර්මතා උගන්වන්න කෙනෙක් නැ, මිනිස්සු අරාජික වෙලා ධර්ම ද්වීපය හදවතේ තෙතමනයක් නැති මුරුගයන්ගේ රටක් වෙලා.

:       0       26

Nandika Wednesday, 17 May 2017 11:08 AM

මේ ළමුන්ද , නව දෙනෙකුට බැරිද අම්මව බලා ගන්න

:       2       25

Laki hewage Wednesday, 17 May 2017 03:16 PM

සිංහල බෞද්ධ ජාතියේ පරම්පරා ගති පැවතුම්

:       7       44

kalpa Thursday, 18 May 2017 12:58 AM

බුද්ධ කාලයේත් ඔහොමවුන අවස්ථාවක බුදුහිමියන්ගේ ඉගෙන්වීමක් අනුව එම පියා සැනසිල්ලක් ලැබුවා කියල සඳහන් වෙනවා

:       0       3

piyaruwan Thursday, 18 May 2017 05:21 AM

විවාහයෙන් පසු බෑනා හෝ ලේලිය ගෙන් එන ප්‍රතිරෝධය වගේම දේපොළ සමව දරුවන් අතරේ බෙදා නොදීම සහ අපි විතරක් මොකටද සලකන්නේ තවත් දරුවෝ ඉන්නවනේ කියන දේවල් නිසා වයසක දෙමව්පියෝ අසරණ වෙනවා. මහගෙදර ඉන්න කෙනා අනෙක් දරුවන්ගේත් උදව් අරගෙන දෙමව්පියන්ට සලකන එක තමයි වෙන්න ඕනේ. දෙමව්පියෝ වැඩිපුර කැමති මහගෙදර ඉන්න.

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site