අමල් වික්‍රමරත්න
රථ වාහන වැරදි පිලිබඳව නීති දැඩි කලයුතු බවට ඇතිවූ සමාජ මතය අනුව ඉදිරිපත්වූ නීති දැඩි කිරීම සහ දඩ මුදල් වැඩිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය අවශ්‍ය නිර්දේශ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකලද නීති කෙටුම්පත් සම්පාදනය කිරීමේ කටයුතු මෙතෙක් අවසන් වී නොමැත.
ඒ හේතුවෙන් රථවාහන වැරදි කිහිපයක් සඳහා නියම කල රුපියල් 25000 දඩය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
රුපියල් 25000 දඩය ක්‍රියාත්මක වන බවට සමාජයේ කතාබහක් ඇතිවීමත් සමඟ රිය අනතුරු වල අඩුවක් සිදුවූ බවත් මේවනවිට යළිත් රිය අනතුරු සිදුවීම ඉහළ ගොස් ඇතිබව සභාපතිවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
COMMENTS
25000 දඩය දමන්න ඉස්සරවෙලා පොලිස් නිලධාරීන් පගාව ගන්න එක වැළකීමට වට බැඳලා ඉන්න ඕනේ නැත්නම් වෙන්නේ පොලිස් නිලධාරීන්ට අතේ තිබෙන කියක් හරි මිට මොලවල මිනිස්සු මාරුවෙලා යන එක එතකොට ඕවගෙන් වැඩක් නැහැ
මේ දඩය සාමාන්‍ය රියදුරෙකුට විශාල මුදලක්, නමුත් ලංකාවේ රියදුරන්ගේ විනය ඇතිකර පාරේ සිදුවන අනතුරු අවම කර ගත හැක්කේ මෙවැනි දඩ මුදලකින් පමණි.
රුපියල් 25,000 දඩ ගැසිය යුතු වැරදි මෙන්න. 1. රිය පදවන ගමන් ටෙලිෆෝන් කිරීම 2. වමෙන් ඉස්සර කිරීම. 3. නියමිත ලෙන් එකේ නොයාම. 4. නිකරුනේ හෝන් එක පාවිච්චි කිරීම 5. මත් වතුර පානය කර රිය පැදවීම 6. ලයිසන්නැතුව රිය පැදවීම.
රාලහාමිලාට තමයි පාඩුව නේද?
රිය අනතුරු ඉහල ගිහින් නැහැ. දඩය මේකට සම්බන්ධ නැහැ. මේ දඩය අවලංගු කරන්න . ලංකාවේ දැන් තියෙන වාහන ප්‍රතිශතයත් එක්ක. බැලුවහම රිය අනතුරු ඉතාමත් පහලින් තියන්නේ.
25,000 දඩය රිය අනතුරු අඩුවීම කෙසේ වෙතත් පොලිස් අයියලගේ සාක්කුවේ බර වැඩි වීමට හොඳ රුකුලක් වෙලා දැන්ම.
දඩ ගහන්න ඕන මාර්ග නීති කඩන අයට නොවෙයි නීතිය බලාත්මක කිරීම ප්‍රමාද කර රටේ අනතුරු ප්‍රමාණය ඉහළ දැමීමට සෘජුව දායකත්වයක් දෙන තක්කඩි නිලධාරීන්ට.
ලංකාවේ පාරවල් පොඩි පාරවල් ලොකු කරන්නේ නැතුව මේක විසදන්න බැහැ.
දඩ ගසන්නේ අනතුරු අඩු කරන්න නෙමේ. රජයට ආදායම් හොයන්න පමණයි. ආණ්ඩුවේ එන්න අය හොරා කන මුදල පියවන්න.
ඉන්දියන් කසිකබල් වලට බදු වැඩි කරලා හොඳ වාහන වල බදු අඩු කරන්න . නිකන්ම අනතුරු අඩුවෙයි..