හර්ෂණ තුෂාර සිල්වා
වසර 2022 වනවිට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය සේවා පිරිවැය වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 21ක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පැවසීය.
වසර 2022 වනවිට ජාත්‍යන්තර සුරැකුම්පත් කල් පිරෙන බවට ඒවායේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 21ක් යැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ 24 වැනි සභාපතිවරයා ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ අද (8) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීවේය.
එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“ වසර 2022 දී කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වටිනාකම ඩොලර් බිලියන 9ක් වෙනවා. ඒ වගේම වසර 2022 දී කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට වටිනාකම ඩොලර් බිලියන 12ක් වෙනවා. ඒ මුදලත් ගෙවිය යුතුයි. එවිට අප ගෙවිය යුතු සම්පූර්ණ ණය සේවා පිරිවැයේ වටිනාකම ඩොලර් බිලියන 21ක්”.
වරලත් ගණකාධිකාරී ජගත් කුමාර මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ 24 වැනි සභාපතිවරයා ලෙස මෙහිදි දිවුරුම් දෙන ලදි.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
ඔය බිලියන ගණනින් ණය මුදලෙන් භාගයක්ම යුද්දෙට ගිය වියදම්. යුද්ධේ අවුරුදු තිහක් ඇදෙන්න දෙන්නේ නැතුව අවසන් වුනානම් අපි සමහරවිට මේ මුදලෙන් අඩක්වත් ණය වෙන්නේ නැහැ.
ලංකාව පාලනය කරන්නේ අන්ත දූෂිතයින්. සැම ආණ්ඩුවක්ම අන්ත දූෂිතයි. රටේ දේපළ මංකොල්ල කන, රට සූරාකන පිරිසක්. හෙට රටේ සම්පත් මංකොල්ල කන පිරිසකට බලපත්‍ර දෙන දවසක්...
කට්ටීයම එකතුවෙලා රටට කරපූ හපන්කම තමයි ඕය , එදා වේලවත් හරියට කන්න නැති අසරණ මිනිස්සුන්ගේ කර මතට මේ බර පටවලා පාලකයෝ සැප විදිනවා.
ඩොලර් බිලියන 10 වාර්ෂික අයවැයක් තියෙන ලංකාව ඔය ගාන ගෙවන්නේ කොහොමද??
හමබැංකුවෙන් කොල්ල කාපු සල්ලිවලින් ගෙවයි.
නෝ ප්‍රොබ්ලම් සර්, අපි තවමත් පරිප්පු කමු, කිරි තේ බොමු, බත් කමු. ඒවා අපි කන බොන තාක් කල් ඩොලර් බිලියන් ගණනින් ණය ගෙවන්න බයවෙන්න එපා. තව බොන්ඩ් කෙස් දෙක තුනකුත් දාගන්න පුළුවනි.
මොන තරම් රට ණයවුනත් කිසිම දේශපාලකයෙක් එයින් පීඩාවට පත් වෙන්නේ නැහැ.
මේ ආණ්ඩුව ආවාට පස්සේ ගත්ත ණය කන්දරාව කොච්චරද? ගිය ආණ්ඩුව යුද්දෙට විශාල වශයෙන් ණය වුණා... හැබැයි යුද්ධය ඉවර කළා. ඒ නිසා ජීවිතත් බේරුණා. ඊට පස්සේ ඒ වියදමත් ඉතුරුවුණා. අනිත් ණය වලින් කරපු යෝධ සංවර්ධන සහ සියලුම පාරවල් සුපිරි විදිහට හදපුව පෙනෙන්නම තියෙනවා. මේ ආණ්ඩුව ගත්ත ණය කන්දරාවෙන් කරපු වැඩ පෙන්නන්නකෝ.
ණය ගෙවන හැටි කතා කරන මිනිසුන් ඉතිහාසය පුරාම කර ඇත්තේ ජනතාව පිටරටවලට උකස් කර මුළු රටම ණය කිරීමයි. ණය ගත්තේ එක්කෙනෙක්... එයින් සැප විඳින්නෙත් ඒ අයයි. හැබැයි ඒ ණය ගෙවීමේ වගකීම බාරදෙන්නේ නූපන් දරුවනුත් ඇතුළුව රටේ ජනතාවටයි.