නිමල් අල්ගේවත්ත
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් තම තමන්ගේ නඩු හබ වලින් බේරීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මුවා වෙමින් නව පක්ෂයක් තනන්ට කටයුතු කරමින් සිටින බවත් ඒවා අසාර්ථක උත්සාහයන් බවත් දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
අම්බලන්ගොඩ ප්ර දේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
‘‘මේ අපේ පක්ෂය අවස්ථා කිහිපයක දී බෙදුනා. පුතා , දුව, අම්මා කියලා බෙදුනා. ඒ කියන්නේ අනුර සහ චන්ද්රකා මැතිණිය දාලා ගියා. ඒ වෙලාවේ මගෙන් ඇහුවා කට්ටිය අම්මා ගේ පැත්තෙ ද දුගේ පැත්තෙ ද කියලා. ඒ වෙලාවෙත් මම කිව්වේ මම තාත්තාගේ පැත්තේ කියලා. අපි ගහක අතු බදාගෙන ඉන්න අය නෙවෙයි. කඳ තමයි අපි බදාගන්නේ. ශ්රී ලංකා නිදහස් පක්ෂය අසීරු අවස්ථා වලට මුහුණ දීලා තියනවා. මහින්ද ,චන්ද්රිකා දෙන්න ම මේ රටට වැඩක් කළ අය. නමුත් අද අපේ පක්ෂයේ නායකයා මෛත්රීපාල ජනාධිපතිවරයා. මේ වෙලාවේ අපි පක්ෂය සමඟයි ඉන්න ඕන. පක්ෂය දෙකඩ කිරීමෙන් කාටවත් සෙතක් වෙන්නේ නෑ.
2021 වෙනකම් මේ රටේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජනාධිපති වගේම 2019 වසරේ අප්රේල් වෙනකම් දකුණේ මහ ඇමති මමයි. එතකොට පළාත් පාලන ආයතන පාලනය තියෙන්නේ මගේ අතේ. පළාත් පාලන ආයතන වලින් වැඩක් ගන්න නම් මීලඟ ඡන්දයේ දී දිනන්න ඕන ශ්රීලනිපයයි.‘‘
COMMENTS
පළාතේ ප්‍රශ්නයක් ඇති වුණාම වගකීම බාරගන්නත් ඕනේ එහෙනම්. තනතුර පමණක් නෙවේ.
මෙයා පොඩ්ඩක් ඇඟ මහන්සිවෙලා කෙට්ටු වුණා නම් තව හොඳට රටට වැඩක් කරන්න තිබුණා.
මේක හරියට ලියලා දීලා වගේ...
ඔබතුමා හරි. බලය දිය යුත්තේ පාර්ලිමෙන්තුවේ පළාත් සභා බලය ඇති පක්ෂයටයි.
ඔබතුමාගේ ශරීරය දිහා බැලුවහම 2019 වෙනකොට ඔබතුමාව ප්‍රවාහනය කරන්න දොඹකරයක් සහිත ලොරියක් අවශ්‍ය වේවි... ඔබතුමාට වාඩි වෙන්න පළාත් සභාවේ ඔබතුමාගේ බරට හරි යන්න යකඩෙන් කල විශේෂ පුටුවකුත් අවශ්‍ය වේවි!!!
ශ්රී ලංකා නිදහස් පක්ෂය පෙරට වඩා දැන් සුබයි. බලය සඳහා හොරුන් ආරක්ෂා නොකළ මැනවි. හිටපු හොරුත්, අලුත් හොරුත් කවුරුවත් එපා.
මේ උන්නැහේ ඇහුනද .... යනකොට මතක ඇතිව අරගෙනම යන්න හොඳේ... වැඩිදෙනෙක් නිතරම හිතන්නේ යනකොට අරගෙනම යන්න තමයි. ඔහෙත් අමතක නොකර අරගෙන ගියොත් හොඳයි....
මට නම් ජීවිතය වතුරේ පාවන දිය බුබුලක් වගේ. කොයිවෙලේ බිඳී යාවිද දන්නේ නැත. මේ ගොල්ලන්ට තිබෙන බල තණ්හාවට සදාකාලිකව ජීවත් වෙනවා කියලා සිතන්නේ. ලොකුම වාසනාවකට මගේ ජීවිත කාලයටම කිසිම හේතුවක් නිසා මන්ත්‍රීවරයෙක් ගාවට යන්න සිදුවෙලා නැත. මට මේ අය ගැන කිසිම ගරුසරුවක් හෝ පිළිගැනීමක් නැත.
මේ දවස්වල යූඑන්පී එකෙත් ශ්‍රී ලංකා එකෙත් හැමෝම වගේ දොඩවන්නේ පදනමක් හෝ තර්කයක් හෝ නැති භූමියේ යථාර්තයට පටහැනි දේමයි.
ඔබතුමාගෙ මහඇමති ධුරය පිළිබඳ දකුණේ බහුතරයට ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් බුදු දහමට අනුව හැමදේම අනිත්‍යයි කියල මෙනෙහි කළොත් යහපත්. ඒ වගේම දකුණට පෙර රට කියල සිහිතබා ගැනීමත් වැදගත්.
මහින්දට මුවා වෙලා වැඩක් නෑ.
සුමනදාස, බණ්ඩාර, රතුවිතාන, මංජුල හම්බවෙලාද මේවා කියන්නේ?