කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාරයේදී අද සවස පැවැති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය අද (07) ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය.
සමාජ මාධ්‍ය සඳහා කාණ්ඩ 13ක් යටතේ සම්මාන පිරිනැමිණ.
සමාජ මාධ්‍ය දින වෙබ් අඩවිය ඔස්සේ දෙසතියක පමණ කාලයක් පැවැති මනාප ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අනුව මෙම සම්මාන තෝරා ගැනිණ.
ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට මෙම සම්මානය ලැබුණු අවස්ථාවේදී අප සමග සැමදා රැඳී සිටි දයාබර ලංකාදීප පාඨකයන් ගෞරව පූර්වකව සිහිපත් කරමු.

COMMENTS
ලංකාදීපය එකට එන්නම ඕනේ! නියමයි.
සුබපැතුම්,... ජයෙන් ජය පතමි.
මේ මොහොතේ පාඨක අපිද " ලංකාදීප" පුවත්පත ගෞරව පූර්වකව සිහිපත් කරමු. තවදුරටත් නිවැරදි ගමනකට සුබපතන අතර අපේද සතුට ප්‍රකාශ කරන්නෙමු.
මේ අන්තර්ජාල ලංකාදීප මාධ්‍යය ඔස්සේ මීට වසර පහකට පමණ ඉහතදී, පිටරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන විවිධ ආගම්වලට අයත් ජනතාවට අපහාස වන අයුරින්, විවිධ නම් වලින් අදහස් පලකොට තුච්ච ලෙස සිංහල ජනතාව අපහාසයට පත් කළා ඔබට මතක ඇති නේද? මාධ්‍යයක් ලෙස ඔබ ශ්‍රී ලාංකික ජනතාව ලොව වෙසෙන පහත්ම ජාතිය ලෙස අපිට අවබෝධ කර ගන්නට උපකාරි වූවා. මේ වනවිට ඔබ සමාජයට වැපිරූ බීජවල සරු අස්වැන්න, සරුවට නෙලන බව අපි ඉතාම ආඩම්බරයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමු. ඉදිරි කාලයේදීත්, බඩට පමණක් නොව මොලයටද සම්මානයක් ලැබෙන ලෙස ක්‍රියා කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මම ඔබලාට සුබපතමි!
අපගේ උණුසුම් සුභ පැතුම් .....!!!!!!!
සුභ පැතුම්!
වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය. සත්‍ය වශයෙන්ම ලංකාදීප පුවත්පතට මෙම සම්මානය ලැබිය යුතුමය. ලංකාවේ පමණක් නොව විශේෂයෙන්ම ලොවපුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට ලංකාව පුරා දිනපතා සිදුවන සියලු තොරතුරු සමබරව ඉතා ඉක්මණින් ලොවපුරා ගෙන යන්නේ ලංකාදීපයයි.
ජයෙන් ජයවේවා! හදපිරි පුබ පැතුම්
සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට ලැබුණු එක ගැන සුබපැතුම් !!! නිවැරදි දේ නිවැරදිවම දාන එකම පුවත්පත මෙයයි.
"මහජන සේවෙ සලසා නිසි ලෙස රටට " " රට දැය සමය රකිමින් එඩිතර ලෙසට " " යන ඒ ගමන මහ විරුවෙකු ලෙස පෙරට " "පුදනෙමි මල් මිටක් 'ලක්දීපයෙ' නමට "
ගොඩක් ස්තුතියි...!!!
දිවයිනේ ප්‍රමුඛතම අන්තර් ජාල පුවත්පත වන ලංකාදීපයට ලැබුණු මේ සමාජ මාධ්‍ය සම්මානය පිළිබඳව සතයපාලගේ උණුසුම් සුබ පැතුම් ලංකාදීප කතෘ මණ්ඩලයට යොමු කරමි..
ඇත්තෙන්ම ලංකාදීප අන්තර්ජාල පුවත්පතට මේ සම්මානය ලැබීම ගැන සතුටු විය යුතුයි. ජනතාවගේ විවිධ වූ අදහස් පල කිරීම සඳහා ඔවුන් දක්වන දායකත්වය අප අගය කරන අතර, සැවොම එකතුවී ඔවුන්ට ශුභ ප්‍රාර්ථනා කරමු...!!