නාලක සංජීව දහනායක
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිධූරය අහෝසි කිරීමට හා නියමිත පරිදි පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව මානව හිමිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (10) පැවැසීය.
ඒ සම්බන්ධයෙන් තම නීතීඥවරුන් මේ වනවිටත් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් සඳහන් කළ මහාචාර්යවරයා ඉතාම ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
COMMENTS
නීතිය පිළිබඳව මහාචාර්යවරයෙක් වුණාට මෙයා දන්නෙම නැත්තේ නීතිය ගැනම තමයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම හා ඡන්ද කල් දැමීම එකිනෙකට වෙනස් කරුණු දෙකක් බවටත් ඒ කරුණු දෙක වෙනුවෙන් එකම පෙත්සමකින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම කරන්නේ කෙසේද කියා ඔහු පැහැදිලි කර නැත.
මොන පෙරමුණේ උනත් 20 කරන්න දුන්නොත් කපෝති!