මධූෂ් ඇතුළු පිරිස ගැන ඩුබායි විමර්ශන අවසන් මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි. 10 February 2019
හෙට සිට දින තුනක් තද සුළං දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල හෙට (11) සිට මෙම මස 13 වැනිදා දක්වා තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 February 2019
ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක් අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ. 10 February 2019
බදු වැඩිකිරිම හැර රජයට ආදායම් ගන්න වෙන ක්‍රමයක් නෑ බදු වැඩිකිරීම හැර ආදායම් ලබා ගැනීම සඳහා වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් මෙවර අයවැයෙන් ද බදු ආදායම වැඩිකර ගැනීම වත්මන් රජයේ අරමුණ වි ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (10) පැවසීය. 10 February 2019
ඇල්ල ප්‍රා.සභාපතිට ඇප ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරිවරයාට පහරදී පොලීසියට කට්ටි පනිමින් සැඟවී සිටි ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්.අමිල බස්නායක මහතා අද (10) ඇල්ල පොලීසියට බාරවීමෙන් පසු බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් රුවන් බස්නායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10 ක බැගින් වු ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළේය. 10 February 2019
විස දුමක් ආඝ්රණය වී ලැඟුම්හල් හිමිකරු මරුට හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේ ලැගුම්හලක අද (10) ඇතිවූ හදිසි විස දුම් තත්වයක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි. 10 February 2019
තණමල්විල වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුට තණමල්විල හන්දියේදී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් කළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 10 February 2019
මධුෂ්ගේ තවත් ගෝලයින් දෙදෙනකු සූරියවැවේදී අත්අඩංගුවට පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුරියවැව විහාරගලදී හා සූරිය වැව නගරයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. 10 February 2019
ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ජවිපෙ කියයි පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 10 February 2019
පිලිප් කුමරු රියදුරු බලපත්‍රය බාරදෙයි දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ ස්වාමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ හි ආදිපාදවරයා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත පොලිසියට බාරදී ඇති බව බකිංහැම් මාලිගාව සඳහන් කරයි. 10 February 2019
සාලියවැව දැරිය සොයා තවමත් පරීක්ෂණ සාලියවැව නීලබැම්ම ඕලුමඩු ගම්මානයේ දී අතුරුදන් වු සිව් හැවිරිදි දැරිය අතුරුදන් වී දින 12ක් ගතවී තිබුණ ද කිසිදු හොඩුවාවක් සොයා ගත නොහැකි වුවත් පොලිස් පරික්ෂණ නොකඩවා සිදුවන බව පුත්තලම කොඨඨාස බාර පොලිස් අධිකාරි ජේ.ජ්. චන්ද්‍රසේන මහතා පැවසීය. 10 February 2019
ජනපතිවරණයට ඉස්සරින් පළාත් සභා මැතිවරණය තියනවා - ජනපති ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (9 වැනිදා) පැවසීය. ඒ සම්බන්ධයෙන් පවත්නා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කර ගන්නා බවද සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි. 09 February 2019
කම්බි පැටවූ ලොරියක් සිරවීමෙන් උඩරට දුම්රිය ගමනාගමනය ඇණහිටියි බණ්ඩාරවෙල දුම්රිය හරස් මාර්ගයෙන් කම්බි පැටවූ ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී සිරවීම නිසා අද ප.ව 2.00 සිට උඩරට දුම්රිය ගමනාගමනය මුලුමණින්ම ඇණහිට ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. 09 February 2019
මම පොලිසිය පොලිෂ් කරනවා තමන් පොලිසිය බාර ගෙන මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ පොලීසිය පොලිෂ් කරන්නට පටන් අරගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 09 February 2019
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියෝග නිට්ටඹුව පොලිසිය විසින් රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් හා අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව කියන සැකකරුවන් සිව්දෙනා මේ මස 15 වන දින දක්වා නිට්ටඹුව පොලිස් ස්ථානයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වා අකරණයට වාර්තා කරන ලෙසට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා අද (09) පස්වරුවේ නිට්ටඹුව පොලිසියට නියෝග කළේය. 09 February 2019
පුල්මුඩේ - කොළඹ බසසේ කොන්දොස්තරට හලාවතදී පහර දෙයි පුල්මුඩේ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බසයක් අද ( 9 දා ) දහවල් 10.30ට පමණ හලාවත දී නැවතු අවස්ථාවේ දි බසයට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් එම බසයේ කොන්දොස්තරට අමානුෂික ලෙසින් පහර දී ඔහු අත තිබු ටිකට් නිකුත් කරණ යන්ත්‍රයට උදුරා පොලවේ ගසා විනාශ කර ඇති බව හලාවත පොලිසිය කියයි. 09 February 2019
රයන්ගේ මෝටර් රථය මිරිස්සෙන් හමුවේ පසුගියදා ඩුබායිහිදි මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (08) සවස අත්අඩංගුවට ගෙන තිබේ.. 09 February 2019
‘ඩුබායිහි ඇල්ලූ මත් ජාවාරම්කරුට උප්පැන්නේ දෙන්න බෝහෝ අය ඉන්නවා’ අපේ රටේ පාතාලයේ මත්කුඩු කාරයා අපරාධ කාරයා ඩුබායි වලදී අල්ල ගත්ත එකට උප්පැන්නේ දෙන්න බොහෝ පිරිසක් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 08 February 2019
අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට වැලිවේරිය පොලිසියට අනුබද්ධව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පුද්ගලයෙකුගෙන් රුපියල් දෙදහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (8) අත්අඩංගුවට ගෙන ඇත. 08 February 2019
‘‘නව ව්‍යවස්ථාවක් හදන්න දේශපාලන නායකත්වයක් ලැබුණේ නෑ‘‘ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිවිල් සංවිධාන කැපවූවත් එයට අවශ්‍ය දේශපාලන නායකත්වයක් නොලැබුණ බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවසීය. 08 February 2019
රාජ්‍ය තාත්ත්රීක ගමන් බලපත්‍රයක් ඇති අය ගැන මංගල පරීක්ෂණයක් ඉල්ලයි මාකඳුරේ මධූෂ් නැමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් පුද්ගලයෙකු තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවත් තමා ඔහුට රාජ්‍ය තාත්ත්රීක ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවත් දේශපාලඥයින් පිරිසක් නඟන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාට අද (08) පැමිණිල්ලක් කරතිබේ. 08 February 2019
‘වාහන බලපත් නිකුත් කිරිමේ ගැටළුව ඉක්මණින් විසඳනවා’ වාහන බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටළු ඉදිරි මාස තුන තුළ විසඳන බව රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 08 February 2019
සාලියවැව දැරිය මරා දැමු මවගෙන් විශේෂ ප්‍රකාශයක් සාලියවැව සිව් හැවිරිදි දැරියක් මරා දැමිමේ සිද්ධියේ සැකකාර මව අද (8) පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා ඉදිරියේ දී විශේෂ ප්‍රකාශයක් දිම සිදුවිය. 08 February 2019
මධූෂ්ගේ - ගෝලයාගේ නිවසින් ගිනිඅවි ඇතුළු හමුදා ඇඳුම් කට්ටල ඩුබායි හීදී පොලිස් අත්අඩංගුවට ගත් දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ හා ඔහුගේ ගෝල බාලයින්ගේ නිවෙස් අද (8) පරික්ෂා කිරීමේ මෙහෙයුමේ දී ගිනි අවි ඇතුළු යුද හමුදා ඇදුම් කට්ටල තොගයක් සොයා ගත් බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 08 February 2019
පාර්ලිමේන්තුවට ජල බෝතල් ගෙන ඒම තහනම් පාර්ලිමේන්තුවට ජල බෝතල් රැගෙන ඒම අද(08) සිට තහනම් කර තිබේ. 08 February 2019
කෝප් සභාව ජනමාධ්‍යවේදීන්ට විවෘත කිරීමට තීරණය කරයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ජනමාධ්‍යවේදීන්ටත් විවෘත කිරීමට තීරණය කර ඇත. 08 February 2019
ආබාධිත පොලිස් රණවිරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න‘යි මහින්දගෙන් ඉල්ලීමක් ආබාධිත පොලිස් රණවිරුවන්ගේ නොවිසඳුනු ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(08) රජයෙන් ඉල්ලා සිටියේය. 08 February 2019
ඥානසාර හිමිගේ මාස 6ක සිරදඬුවම වසර 5කට අත්හිටුවයි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදුනැයි සය මාසයක සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ එම දඬුවම වසර 05ක අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද(08) නියෝග කෙළේය. 08 February 2019
මහින්ද අද රෑ ඉන්දියාවට ඉන්දියාවේ බැංගලෝර් හි දී පැවැත්වෙන සමුළුකට සහභාගී වීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (8) රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. 08 February 2019
ජනපති කොමිසම පැමිණිලි බාර ගැනීම අරඹයි රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම පැමිණිලි භාරගැනීමේ කටයුතු ආරම්භ කර ඇත. 08 February 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026