ඓතිහාසික මුල්ලේරියා සටන කළ භූමිය සංවර්ධනයට 1562 වසරේ දී ඓතිහාසික මුල්ලේරියා සටන සිදු වූ ’’මුල්ලේරියා වෙල් යාය’’ පිහිටි ප්‍රදේශය පෞරාණික බව රැකෙන පරිදි සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. 27 August 2025
ලංකාවේ ව්‍යාපෘතියකට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8ක් වැඩි දියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථීක ප්‍රතිසාධනය පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
ආර්ථිකයට තිරිංග යෙදීම අපේ ආණ්ඩුවේ අරමුණ නොවේ වත්මන් රජයේ අරමුණ ආර්ථිකයට තිරිංග යොදා සීමා කිරීම නොව හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 August 2025
ආනයනික අර්තාපල් - ලොකු ලූණු බද්ද ඉහළට ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ඊයේ (26) සිට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පැවසීය. 27 August 2025
ද:ආසියාවේ ලොකුම ටැම්පිට වෙහෙරට ආරක්ෂිත වහලක් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ ටැම්පිට විහාරය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ් පුද්ගලයකු අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නාවික හමුදාපති යළි සැප්තැම්බර් 10 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී,පී,ජී ප්‍රනාන්දු මහතා අද නියෝග කෙරිණ. 27 August 2025
තුවාල සනීප කරන බෙහෙතකට ප්‍රසම්පාදනය දෙයි නැනෝ ක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
චීනය එක්ක කෘෂිකර්ම සහයෝගීතා ගිවිසුමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ චීන නිවර්තන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
දක්ෂිණ අධිවේගේ කොටසක ඉරිතැලුමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝ මීටරයේ සිට 34 වන කිලෝමීටරය දක්වා ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
නොරොච්චෝලේ බලාගාරයට ’’හයියක්’’ දෙයි නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා තැවිණට අනුමැතිය ලැබී ඇත. 27 August 2025
පෙට්‍රල් නැව් තොග පහක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
ඖෂධ මිල තීරණය කරන ක්‍රමවේදය පාර්ලිමේන්තුවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රම වේදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
කළුතර - පුත්තලම දිසාපතිලා පත් කරයි කළුතර සහ පුත්තලම පරිපාලන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් මුලින් රනිල්ලාගේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැලිකඩ බන්ධනාගාර ඉඩමේ මුල් අයිතිකරුවන් රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ උදවිය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(27) අනාවරණය කළේය. 27 August 2025
රියදුරු බලපත අලුත් කිරීමටත් ’’ඔන්ලයින් ක්‍රමය’’ රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. 27 August 2025
අනතුරින් හමුදා කෝප්රල් මරුට දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද (27 )යතුරු පැදියක් දුරකථන කණුවක ගැටීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 27 August 2025
රනිල්ගේ ආරක්ෂාවට දුන් බන්ධනාගාර නිලධාරීහු රෝහලෙන් පිට වෙති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි බන්ධනාගාර නිලධාරීන් අට දෙනා ඊයේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ. 27 August 2025
දෙහිවල ඝාතනයකට දෙන්නෙක් අල්ලයි දෙහිවල දුම්රිය පාර ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනයය කිරීමට තැත් කළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 27 August 2025
අම්බුලුවාවේ ජෛව විවිධත්වයට-පාරිසරිකත්වයට හානි වන ලෙස ඉදිකිරීම් අම්බුළුවාව පරිශ්‍රයේ ජෛව විවිධත්වයට හා පාරිසරික තත්ත්වයට හානිවන පරිදි විවිධ ඉදිකිරිම් සිදුකරමින් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ 27 August 2025
විදෙස් දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(27 ) අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 27 August 2025
ඉතාලි තානාපති තරුණ ඇමති හමුවක් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 27 August 2025
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ2025 ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 August 2025
පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. 27 August 2025
රසායනාගාර සේවකයාට පිහියෙන් ඇන මරලා පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඥාති සහෝදරයාගේ නිවසට ගොස් පිහියෙන් ඇන ඊයේ (26) ඝාතනය කර ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 27 August 2025
පළාත් කිපයකට පස්වරු දෙකෙන් පසු තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලත වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 August 2025
රනිල් රිමාන්ඩ් කරද්දී වීඩියෝ කළ අය අධිකරණයට ගේන්න මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුළ සිදුවු යම් යම් දේ වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල පළ කළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද නියම කළාය. 26 August 2025
රනිල්ගේ පැමිණිල්ල විභාග වෙද්දී පාරවල් වැහූ අය අධිකරණයට ගේන්නැයි නියෝගයක් පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණීල්ල අධිකරණයේ විභාග කරන අවස්ථාව වන විට අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කරගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද වැඩිදුරටත් නියම කළාය. 26 August 2025
දැරියක කෙලසුවාට වසර 12ක් සිරගෙට බාල වයස්කාරියකව සිටි තැනැත්තියක කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ දෙදරු පියකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (26) දින නියෝග කළේය. 26 August 2025
කතරගම නිලමේ ඩිල්ෂාන් යළි ඉල්ලා අත්සන් 10000ක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා ගේ සේවා කාලය දිර්ඝ කරන ලෙස අත්සන් 10000කින් සංදේශයක් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා වෙත පිලිගැන්විය. 26 August 2025
ග්‍රාම නිලධාරිණිය අල්ලස් දැලේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිදුපුර පොලිස් වසමේ අංක 122 බරවාය ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරිනිය අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ හෝ වංචා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද සවස අත්අඩංගුවට ගෙන ඇත. 26 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026