ගැබිනි මුවදෙන මරා මස් කරමින් සිටි 5ක් අල්ලයි විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයින පස් දෙනෙකු ගිණී අවියක් හා තියුණු අයුධ ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 28 August 2025
පද්මෙ ඇතුළු කණ්ඩායම දින දෙකකින් ලංකවට ඉන්දුනීසියාවේ පොලිසිය සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කණ්ඩායම ඉදිරි දින දෙක ඇතුළත රටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 28 August 2025
’’රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්’’ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිටව යෑමට හැකියාව තිබුණද රෝගී තත්වය සලකා දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් සිටින බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 28 August 2025
ආයතන දෙකක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ භූ විද්‍යා පතල් කාර්යාංශය යන ආයතන වල ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත. 28 August 2025
නඩු වැඩ ඉවර වී සති දෙකක් ඇතුළත ගුරු විභාගය ගැසට් කරන්න යයි ගුරු පත්වීම් සම්බන්ධයෙන් පැවැරුණු නඩු කටයුතු අවසන් වී සති දෙකක් ඇතුලත ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. 28 August 2025
උසාවිය අසළදී පොලිස් නිලධාරියාට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 28 August 2025
ලංවීම හතරකට කැඩෙයි නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ සඳහන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවැසුවේය. 28 August 2025
කඩවත මහමායා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලයේ කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 28 August 2025
ව්‍යාජ පොලිස් ලාංඡන-පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි මහරගම නාවින්න ප්‍රදේශයේදී මාර්ග බාධකයේදී වෑන් රථයක් නවතා පරික්ෂා කිරීමේදී ව්‍යාජ පිස්තෝලයක් ඇතුළු පොලිස් ලාංඡන රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියය 28 August 2025
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ හතරක් මාට්ටු රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 28 August 2025
නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරන්න රජයේ සහාය සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 28 August 2025
’’කෝප්’’ හොරු සොයා ඔෆිස් 457 ක් පීරයි රාජ්‍ය ආයතන 457 ක දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා ගැනීම සඳහා විමර්ශන වේගවත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත 28 August 2025
පානදුරේ වෙඩි පහරින් අයෙක් මරුට අවිගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 28 August 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 28 August 2025
ඒකාබද්ද කාලසටහනට ලංගමයේ විරෝධය ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 27 August 2025
සෙවනගල පැල්වත්ත උක් ගොවීන්ගේ සල්ලි ඉක්මනින් ගෙවන්න සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 August 2025
ඉඳුල් කට ගෑමේ උත්සවයේ තරුණයෙක් මැරුවාට තුනක් පෝරකයට වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කැට ගෑමේ උත්සවයකදී එවකට වසය අවුරු 30ක වූ තරුණයකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණ දඩුවම අද නියම කළේය. 27 August 2025
මානසික සෞඛ්‍ය ගැටලු විසඳන්න මිලියන 250ක් මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුම්වත් කිරීමේ සහ උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
අමාත්‍යාංශ දෙකක වියදමට අමතර කෝටි 1478 ක් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 1328ක අතිරේක මුදලක්ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 150ක අතිරේක මුදලක්ද වෙන් කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තු යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල සම්මත කරගැනීමට නියමිතය. 27 August 2025
රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී අද(27) පැවසීය. 27 August 2025
බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 27 August 2025
බොරැල්ලෙන් කොළඹට පිවිසෙන මාර්ගය වැසේ බොරැල්ල දේවිබාලිකා වට රවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. 27 August 2025
විපක්ෂයෙන් පුළුල් සංධානයක් ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරිම සඳහා දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් අද (27) තීරණය කරනු ලැබිය. 27 August 2025
‘‘උරුමය‘‘ ඔප්පු පෙන්නා කෝටි නවයක් ගැරූ කත අල්ලයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘‘උරුමය‘‘ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් 98,430,000/= ක ( රුපියල් නවකෝටි අසු හතර ලක්ෂ තිස් දහසක මුදලක්.) වංචා කළ ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 27 August 2025
අල්ලස් ගත් කුරුණෑගල ආර්.ඩී.ඒ නිලධාරියට රිමාන්ඩ් පොල්ගහවෙල කෑගල්ල මාර්ගයේ පොලිසගහවෙල නගරයට ආසන්න ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක පිහිටි අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 120,000ක අල්ලස් මුදලක් ලබා ගත් කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු ලබන සැප්තැම්බර් මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අද නියෝග කළේය. 27 August 2025
කතුන්ට සීමා දැමූ දුම්රිය තනතුරු ගැසට්ටුව සංශෝධනයට දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා පිරිමි අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත්වීමට හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 27 August 2025
පොළොන්නරුවේ වගාහානි වන්දි හෙට ගෙවයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 2024/25 මහ කන්නයේ වගා හානි වූ ගොවීන් 365 කට වන්දි ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි. 27 August 2025
හදිසි මරණ පරීක්ෂකවරු 23කට පත්වීම් ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 27 August 2025
ගලේවෙල ලොකු අනතුරක් ගලේවෙල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුවේ දී මාළු ලොරියක් වාහන තුනක ගැටී ටිපර් ථයක පිටුපස රෝග හතර ගලවාගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇතැයි පොලිසිය කියයි. 27 August 2025
ලෝක් සභාව ගැන ඉගෙන ගන්න මන්ත්‍රී 25ක් ඉන්දියාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අධ්‍යයන චාරිකාවක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය. 27 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026