විදෙස් දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(27 ) අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 27 August 2025
ඉතාලි තානාපති තරුණ ඇමති හමුවක් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 27 August 2025
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ2025 ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 August 2025
පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. 27 August 2025
රසායනාගාර සේවකයාට පිහියෙන් ඇන මරලා පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඥාති සහෝදරයාගේ නිවසට ගොස් පිහියෙන් ඇන ඊයේ (26) ඝාතනය කර ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 27 August 2025
පළාත් කිපයකට පස්වරු දෙකෙන් පසු තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලත වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 August 2025
රනිල් රිමාන්ඩ් කරද්දී වීඩියෝ කළ අය අධිකරණයට ගේන්න මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුළ සිදුවු යම් යම් දේ වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල පළ කළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද නියම කළාය. 26 August 2025
රනිල්ගේ පැමිණිල්ල විභාග වෙද්දී පාරවල් වැහූ අය අධිකරණයට ගේන්නැයි නියෝගයක් පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණීල්ල අධිකරණයේ විභාග කරන අවස්ථාව වන විට අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කරගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද වැඩිදුරටත් නියම කළාය. 26 August 2025
දැරියක කෙලසුවාට වසර 12ක් සිරගෙට බාල වයස්කාරියකව සිටි තැනැත්තියක කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ දෙදරු පියකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (26) දින නියෝග කළේය. 26 August 2025
කතරගම නිලමේ ඩිල්ෂාන් යළි ඉල්ලා අත්සන් 10000ක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා ගේ සේවා කාලය දිර්ඝ කරන ලෙස අත්සන් 10000කින් සංදේශයක් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා වෙත පිලිගැන්විය. 26 August 2025
ග්‍රාම නිලධාරිණිය අල්ලස් දැලේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිදුපුර පොලිස් වසමේ අංක 122 බරවාය ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරිනිය අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ හෝ වංචා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද සවස අත්අඩංගුවට ගෙන ඇත. 26 August 2025
අපට එකතු වෙන්න පදනම හැදිලා අප සියලු දෙනාටම එකතු විය හැකි පදනම අද වන විට බොහෝ සේ තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 26 August 2025
රනිල් බලන්න සජිත් රෝහලට අධිකරණයෙන් ඇප ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පස්වරුවේ කටයුතු කරනු ලැබීය. 26 August 2025
රනිල් දිගටම රෝහලේ ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට නියමිත බව වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය පවසයි. 26 August 2025
අපේ හමුදාව ලොව හොඳම හමුදාවක් කරනවා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහලම වෘත්තීයභාවයක් සහිත හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 26 August 2025
කෙහෙළිය පවුලේ නඩුව ලබන 9 දා යළි කැඳවන්න නියෝග සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් මුදල් විසුද්ධි කරන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ 06 දෙනෙකුට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ගොනුකල පැමිණිල්ල සැප්තැම්බර් 09 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද(25) දින නියම කළේය 26 August 2025
’’ඕන තරම් අඬන්න- තැබූ පියවර ආපසු හරවන්නේ නෑ’’ නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික භික්ෂු දින උත්සවය අමතමින් පැවසීය. 26 August 2025
රාජිතගේ දේපොළ තහනමට ඉල්ලු නියෝගය විසි වෙයි අධිකරණය මගහැර සැගව සිටින වරෙන්තු කරුවෙකුගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව නීත්‍යානුකූලව සිදු කළ යුතු බවට පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සැකකරුගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිි අල්ලස් කොමිසම කළ ඉල්ලීම අද (25)ප්‍රතික්ෂේප කළේය. 26 August 2025
රනිල් වෙනුවෙන් පැමිණි සැමට ස්තුතියි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන නායකයන් ඇතුළු සැමට ස්තුතිය පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 26 August 2025
මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාලවරයා ලෙස ආර්. එස්. පී. කපිල මහේෂ් රාජපක්ෂ මහතා පත් කර තිබේ. 26 August 2025
නඩුකාර කන්ද යළිත් ඇවිලෙයි බදුල්ල නඩුකාර කන්ද රක්ෂිතයේ අද (26) පස්වරුවේ යලි ඇතිවූ හදිසි ගින්නකින් අක්කර පහක පමන කොටසක් විනාශ වී ගොස් ඇති බව බදුල්ල අඩවි වන නිළධාරි රුවන් ගලප්පත්ති මහතා පවසයි. 26 August 2025
රනිල්ට ඇප එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද නියම කළාය. 26 August 2025
කොටුව උසාවිය අවට පාරේ රථ වාහන තදබදයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට මාර්ග වල මේ වන විට අධික රථ වාහන තදබලයක් පවතී. 26 August 2025
‘‘කටකතා ප්රවෘත්ති කරන්න එපා‘‘ මම රනිල් වික්‍රමසිංහ බලන්න බණ්ධනාගාරයට ගියා නම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි. අගමැති හැටියට මට ඕන ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා යැයි අගමැතිනිය පැවැසුවාය. 26 August 2025
’’අනුර ගෝ ගම පටන් ගත්තා’’ අනුර ගෝ ගම පටන් ගත් බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසල කිව් පාරේ උද්ඝෝෂණයේ නිරත පිරිස් රැස්වීම අමතමින් පැවසූහ. 26 August 2025
හිරුණිකාට අධිකරණයට යන්න නොදෙයි සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලට යාමට පැමිණි අවස්ථාවේ පොලිසිය එය වැළැක්විය. 26 August 2025
ආයුර්වේද, සිද්ධ සහ යුනානි 160කට සීමාවාසික පත්වීම් බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 26 August 2025
කොටුව උසාවිය අසලට ජල ප්‍රහාර රථ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලට මේ වනවිට ජල ප්රහාරකක රථ කැඳවා තිබේ. 26 August 2025
උද්ඝෝෂකයෝ රැස්වීමක් පවත්වති කොළඹ කිව් පාරේ කෝවිල අසල රැස්වී සිටින ජනතාව මේ වනවිට රැස්වීමක් පවත්වමින් සිටී. 26 August 2025
රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි මුදල් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අරඹා තිබේ. 26 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026