අපනයනයෙන් වාර්තා ගත ආදායමක් මෙම වසරේ පළමු මාස 7 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය අද ප්‍රකාශයට පත් කළේය. 25 August 2025
හිටපු ජනපති හිමිකම් ගැන අධිකරණ මතය කතානායකට හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකර ඇති පෙත්සම් හතක තීන්දුව ඉදිරියේදී කථානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) ප්‍රකාශයට පත් කළේය. 25 August 2025
නීති කොමිසමට සාමාජිකයින් පත් කරයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධනා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද (25) සිදු කෙරිණි. 25 August 2025
ලංගම - පෞද්ගලික බස් පොදු කාලසටහනකට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ව්‍යාපෘතිය පුත්තලම් ප්‍රවේශයෙන් අද (25) මධ්‍යම රාත්‍රීය සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (25) පැවසීය. 25 August 2025
ප්‍රසන්න යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාෙ ලබන සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද නියම කළාය. 25 August 2025
වැඩට වෙන්කළ සල්ලි වලින් හරි කාලෙදිම වැඩ ගන්න මේ වසරේදී ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාවේදී අද (25) පැවැසීය. 25 August 2025
’’ජාතික නීති සම්මන්ත්‍රණය’’ නොවැම්බර් 14 සිට දින 03ක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තරුණ නීතිඥ කමිටුව සංවිධානය කරන ’’ ජාතික නීති සම්මන්ත්‍රණය’’ ’’නීතිඥ වෘත්තිය ඉහළට ඔසවමු’’ (’’Raise the Bar’’) යන මැයෙන් 2025 නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවලදී මීගමුවේදී පැවැත්වෙන බව එම කමිටුවේ කැදවුම්කරු නීතිඥ සංජය මාරඹේ මහතා පවසීය. 25 August 2025
අලුත් පොලිස්පති කතානායක හමුවෙයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 25 August 2025
රෝහල් විස්සකට අලුත් ගිලන් රථ රෝහල් පද්ධතියේ භෞතික සම්පත් ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින (25) සිදු කෙරිණි. 25 August 2025
සෞඛ්‍ය අමාත්‍යංශයේ අබලි වාහන වලින් කෝටි 12ක් සොයයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කළ අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රුපියල් දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු120,877,000) රජයේ අදායමට බැර කළ බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 25 August 2025
කම්කරු නීති අලුත් කරන කමිටුව පළමු වරට රැස්වෙයි කම්කරු නීති කෙටුම්පත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කෙරුණු කමිටුව කම්කරු අමාත්‍යංශයේදී අද (25) පළමු වරට රැස්විය. 25 August 2025
අපේ තරුණ තරුණියෝ 35ක් ඉන්දියාවට - බංගලාදේශයට ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 35 දෙනෙක් සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව හිමිව තිබේ. 25 August 2025
සමෘද්ධියේ කෝටි 5360ක් පිට වැඩවලට දීලා සමෘද්ධිලාභීන්ගේ අනිවාර්යය ඉතුරුම් ගිණුම්වල සහ එහි අරමුදල් වල පැවැති කෝටි 5360ක මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 25 August 2025
ඩයනා ගමගේට ඇප නඩු විභාගය සදහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ඩයනා ගමගේ හිටපු අමාත්‍යවරිය රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය. 25 August 2025
ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් -මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 25 August 2025
විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන ගින්දර නිව්වේ රනිල් ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව අනුරාධපුර රුවන්වැලි සෑ 25 August 2025
රේගුව අලුත් කරන්න විශේෂඥ උපදෙස් ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමට සූදානම් බව ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවැසීය. 25 August 2025
යූටියුබ් සුදාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි සාමාජ ක්‍රියාකාරියකු වන සුදත්ත තිලකසිරි නැමැත්තාගේ ආරක්ෂාව සදහා ලබාදී තිබූ ආරක්ෂක නිලධාරින් දෙදෙනා ඉවත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 25 August 2025
බොරැල්ලේ වෙඩි තැබීමට තිදෙනකු අල්ලයි බොරැල්ල කාදර්වත්ත ප්‍රදේශයේ ඉකුත් 22 වැනිදා වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුට සහ පැදිකරුට ආධාර අනුබල දුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 25 August 2025
සතුන්ට බදින කදන් ඇටවූ හිටපු හමුදා සැරයන් අත්අඩංගුවට විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ කුකුල් කටුව ආසන්නයේ වන සතුන් ඉලක්ක කරමින් බදින කදන් ඇටවු හිටපු හමුදා නිළධාරීයකු කුකුල්කටුව වනජීවි නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙනතිබේ. 25 August 2025
හම්බන්තොට ලේවායේදී ට්‍රැක්ටරයක් පෙරැළි රියදුරු මරුට හම්බන්තොට මහ ලේවායේ සේවයේ නියුුතු ට්‍රැක්ටර් රථ රියදුරෙක් ට්‍රැක්ටර් රථය ලේවාය තුලදී පෙරළි යෑමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය කියයි. 25 August 2025
නිධන් හෑරීමේ සිද්ධියට කොළඹ දිශාවභාර DIG අත්අඩංගුවට කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 August 2025
ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරීවරයා අභිරහස් ලෙස මිය ගිහින් හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිළ නිවසේ නාන කාමරය තුළ අභිරහස් ලෙස මිය ගොස් ඇති බව වටවල පොලිසිය පැවසීය. 25 August 2025
රේස් පදින්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවයි මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි. 25 August 2025
සූර් වී රාජකාරී කළ පීසී ට වැඩ වරදී ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංග මාර්ග බාධක රාජකාරියේ බීමතින් රාජකාරි කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි. 25 August 2025
රනිල් ගැන එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවිඩයක් 2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් බව එල්.ටී.ටී. යුද සමයේ ජිනීවා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 August 2025
රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ අයෙක් අල්ලයි කොරියානු රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසක ගෙන් රුපියල්කෝටි 15 කට අධික මුදලක් වංචා කිරීම සාවද්‍ය පරිහරණය කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 25 August 2025
බොරලැස්ගමුවේ ඝාතනයට දෙකක් සැකපිට බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි. 25 August 2025
පළාත් දෙකකට හැර සෙසු පළාත්වලට වැස්ස නෑ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයෙත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 August 2025
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 25 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026