ජනපතිගෙන් මහ නාහිමි දේහයට අවසන් ගෞරව අපවත්වී වදළ කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව පුද කළේය. 24 March 2021
රන්ජන්ගේ පෙත්සම විභාග කරනවා ද නැද්ද තීන්දුව 31 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිය මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද නියෝගය ලබන 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද(24) නිවේදනය කළේය. 24 March 2021
බස්නාහිර සියලු පාසල් සඳුදා සිට ඇරේ බස්නාහිර පළාතේ සියලු පාසල් ලබන සඳුදා (29) සිට විවෘත කිරීමට සෞඛ්‍ය අධ්යක්ෂවරයා අවසර ලබා දී ඇතැයි වාර්තා වේ. 24 March 2021
ඡන්ද ලක්ෂ හැත්තෑවක් හොයන හැටි රනිල් කියයි එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ හැත්තෑවක් ලබාගත යුතු අතර සියලු පාර්ශව ඒකරාශී කරගනිමින් එම ඉලක්කය කරා යෑමට කැපවී ක්‍රියාකළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 24 March 2021
පළාත් සභා කඩිනම් කරන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලබූ බව වාර්තා වෙයි. 24 March 2021
ස්පුටිනික් එන්නත් ලක්ෂ හැත්තෑවක් ගේන්න අනුමැතිය රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V කෝවිඩ් මර්දන එන්නත ලක්ෂ 70ක් ගෙන්වීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි හතක පමණ මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 24 March 2021
හය දෙනෙක් එකතුවී දැරියක මරලා කලවංචිකුඩි පෙරියකල්ලාරු දේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 March 2021
ආපන ශාලාවේ ගින්නෙන් අරක්කැමි මරුට මරදාන සංඝරාජ මාවතේ ආපන ශාලාවක් තුළ අද පෙරවරුවේ ඇති වූ ගින්නෙන් එහි අරක්කැමි මියගොස් තවත් සේවකයන් දෙදෙනකු පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 24 March 2021
අනුන්ගෙ සල්ලි ඇද විහින් අමාරුවේ විදේශ රටවල පුද්ගලයන්ගේ ගිණුම්වලට ඇතුල් වී එම ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි කියන සැකකරුවෙක් වව්නියාව වෙබ්පන්කුලම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 March 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 March 2021
මහා නාහිමිට අවසන් ගෞරව දක්වන්න මහ පිරිස් අග්ගමහා පණ්ඩිත, කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමිගේ දේහය මේ වන විට අවසන් ගෞරව සඳහා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සැදැහැවත්හු නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව ධර්මපාලාරාම විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිති. 24 March 2021
ජාතික හැඳුනුම්පත ගන්න දිනයක් වෙන් කර ගන්න ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අමතා දිනයක් සහ අංකයක් වෙන්කරගැනීම අනිවාර්ය යැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. 23 March 2021
රාජගිරිය අනතුරේ වෑන් රියැදුරා රිමාන්ඩ් රාජගිරිය පාර්ලිමේන්තු පාරේදී මාරක රිය අනතුරක් සිදුකර රථවාහන රාජකාරියේ යෙදී සිටි කොළඹ හදීසි ඇමතුම් අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයකු මරුමුවට පත් කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් වෑන් රථ රියැදුරා ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්රභාකරන් මහතා නියෝග කළේය. 23 March 2021
‘‘සෑම රටක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට අප සූදානම්‘‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී කුමන යෝජනා සම්මත කරගත්ත ද , ශ්‍රී ලංකාව අනුගමනය කරන දේශීය යාන්ත්‍රණය රටේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 23 March 2021
කඩිනමින් පළාත් සභාව පවත්වන්න-ඉන්දියාව කියයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි ඉන්දීය ප්‍රකාශ කරයි. 23 March 2021
සීනි වංචාවට දින දෙකක විවාදයක් ඉල්ලයි සීනි බදු වංචාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. 23 March 2021
පාසල් සිසුන්ට නිල ඇඳුම් තාම නෑ ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි අඩුවෙන් ලැබී ඇතැයි මවුපියෝ පවසති. 23 March 2021
ඩෙංගු පාලනයට සාර්ථක පර්යේෂණයක් ව්යන්ධකරණයට ලක්කරන ලද පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැරීම මගින් ඩෙංගු පාලනය කළ හැකි බවට කැලණිය විශ්ව විද්‍යාලයීය අනුක වෛද්‍ය විද්‍යා ඒකකය සහ තවත් ආයතන කීපයක් එක්ව සිදු කළ පර්යේෂණයකින් ආනාවරණය කරගෙන තිබේ. 23 March 2021
රවි ඇතුළු පිරිස හෙට තෙක් යළි රිමාන්ඩ් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයට පත් කර සිටි රවි ඇතුළු අට දෙනා හෙට (24) දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ත්‍රිපුද්ගල විනිසරු මඬුල්ල නියම කළේය. 23 March 2021
කොස්තාපල් කුඩු සමග අල්ලයි රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 23 March 2021
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතයි:රටවල් 14ක් ඡන්දය නොදෙයි ජීනිවා මානව හිමිකම් කවුන්සිලියේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය ප්රමුඛ රටවල් හයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (23) සම්මත විය. 23 March 2021
රවි ඇතුළු විත්තිකරුවන්ට පිටු ලක්ෂයක උදෘත බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනාට පවරා ඇති නඩුවේ එක් එක් විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් වන උදෘත ගොනු නීතිපති විසින් බාර දෙන ලදි. 23 March 2021
‘‘බංග්ලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලාද‘‘ අගමැති බංගලාදේශයට ගොස් ඩොලර් ණයක් ඉල්ලා තිබෙන බව කෑගල්ල මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 March 2021
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්දය ඇරැඹේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනා ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ. 23 March 2021
‘‘සීනි බදු අඩු කිරීමෙන් පාඩුවක් සිදුවී නෑ‘‘ සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැති බවත් එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ක්ෂණිකව නොගියත් ඔවුනට යම් සැළකියයුතු වාසියක් ලැබී ඇති බවත් මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 23 March 2021
වෘත්තිය ඉල්ලීම් ඉල්ලා කම්කරු අරගල මධ්‍යස්ථාන සාමාජිකයෝ පාරට බසිති වෘත්තීය ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් කම්කරු අරගල මධ්‍යස්ථාන සාමාජිකයෝ අද (23) මුදල් අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ. 23 March 2021
‘‘මෙච්චර පිරිමහන රජයක් ලොවෙත් නෑ‘‘ මහා ලෝක ව්‍යසනයක් තිබියදී වත්මන් රජය ලොව කිසිම දේශපාලන නායකයකුට කළ නොහැකි පිරිමැසුම්දායක ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 March 2021
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් යයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 23 March 2021
කතානායකගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීන්ට අවවාදයක් මැතිසබය ඇතුළේ තවත් රැස්වීම් පවත්වමින් සභාවේ කටයුතුවලට බාධා නොකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේ දී අවවාද කළේය. 23 March 2021
වාහන අංක තහඩුවේ පළාත් සංකේතය ඉවතට මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා පවසයි. 23 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026