වසර පහ පැන්න ලංගම සේවකයන්ට සුභ ආරංචියක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර පහට වැඩි සේවා කාලයක් සැපිරූ සියලු සේවකයන් ස්ථීර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 25 March 2021
‘‘මානව හිමිකම් කොමිසමේ උත්සාහය ප්‍රතික්ෂේප කරනවා‘‘ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. 25 March 2021
පාර්ලිමේන්තු මහලේකම්ට,මැතිවරණ කොමසාරිස්ට නොතීසි දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහලේකම් , මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන්ට අද ( 25) නොතීසි නිකුත් කළේය. 25 March 2021
ස්මාර්ට් බස් නැවතුම ජනතා අයිතියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා ඉදිකිරීමට නියමිත ’’සුහුරු (SMART) බස් නැවතුම්පොළ ව්‍යාපෘතියේ පළමු බස් නැවතුම විවෘත කිරීම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජගිරිය ප්‍රදේශයේ දී අද (25) සිදු කෙරිණ. 25 March 2021
ශ්‍රිලනිප යෝජනා කමිටුවට හෙට බාරදෙයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සකස් කළ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කර ඇති කමිටුව වෙත භාරදීම හෙට (26) සිදුකෙරේ. 25 March 2021
‘‘විපක්ෂ නායකතුමා තාම ඉන්නේ හෝඩියේ පන්තියේ‘‘ ’’විපක්ෂ නායකතුමා ඉන්නේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ තේරුම් ගැනීමේ හෝඩියේ පන්තියේ’’ යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 25 March 2021
‘‘ජිනීවා යෝජනාවෙන් ලංකාව පැරදුණේ දුර්වල විදේශ ප්‍රතිපත්ති නිසා‘‘ ජිනීවා යෝජනාවෙන් ලංකාව පරාජයට පත්වූයේ රජයේ දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 March 2021
රට රැකියවට ගොස් එද්දී නිරෝධායනය නොමිලයේ කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 25 March 2021
දියවන්නාවේ අපද්‍රව්‍ය ඉවත්කරන්න යයි දියවන්නා ඔයේ ජලයට පාර්ලිමේන්තු සංකීර්ණයෙන් එකතුවූ අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 25 March 2021
ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා අපනයනය නවත්වයි ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් ආසාදනය වළක්වන එන්නත, අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇත. 25 March 2021
අධ්‍යාපන නව ජාතික ප්‍රතිපත්තියෙන් නවක වදය තුරන් කරන්න අධ්‍යාපන නව ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී නවක වදය තුරන් කිරීම ගැන විශේෂ අවධානය යොමු කරන්නැයි විශ්ව විද්‍යාල උපකුලපතිවරු පිරිසක් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉල්ලා සිටියහ. 25 March 2021
පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක ඇන්ටිගුවාහිදී කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. 25 March 2021
අවුල් වියවුල් මකන්න මැතිවරණ කොමිසමෙන් නව නීති යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 25 March 2021
‘‘විෂ පොල්තෙල් ජනතාවට කවන්නේ නෑ‘‘ පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්රිය මහතා අද (24) පස්වරුවේ පැවසීය. 25 March 2021
පාස්කු විවාදය අද සහ හෙට පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය පාර්ලිමේන්තුවේදි අද (25) සහ හෙට (26) පැවැත්වේ. 25 March 2021
ද්විත්ව චක්‍රය විදුලි බලාගාරය අප්‍රේල් සිට යළි වැඩ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්රියවුණු කැලණිතිස්ස ද්විත්ව චක්‍රය විදුලි බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට ලබන අප්‍රේල් 4 වැනි දා යළි එක් කෙරෙන බව ලංකාවිදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පැවැසීය. 25 March 2021
අද දවසේ කාලගුණය දිවයිනේ දකුණු අර්ධයේ අහස අද (25) දින වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 March 2021
බොලිවුඩ් නළු අමීර් ඛාන්ට කොරෝනා ඉන්දියාවේ සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 24 March 2021
හුස්ම ගන්න ඉඩ ඉල්ලා ස.ජ.බ මන්ත්‍රීවරු පාරට බසිති රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව ‘‘හුස්ම ගන්න ඉඩ දෙන්න’’ තේමාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල් සංවිධාන නියෝජිතයි, ආදිවාසීන් ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානය අබියසදී අද(23) පස්වරුවේ විරෝධතාවයක පවත්වති. 24 March 2021
මද්දකට අසුවූ කොටියා බේරා ගැනේ ආගරපතන බෝපත්තලාව රජයේ සත්ව ගොවි පොළ භූමියේ මද්දකට හසුව බරපතළ තුවාල ලබා සිටි කදුකර කොටියකු නිර්වින්දනය කර බේරාගත් බව පශු වෛද්‍යවරු පවසති. 24 March 2021
‘‘සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අරඹන්න‘‘ ප්‍රතිපාදන වෙන් කර මෙතෙක් වැඩ ආරම්භ කර නොමැති සහ අතරමඟ නවතා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේක්ම්වරුනට අද උපදෙස් දුන්නේය. 24 March 2021
කොරෝනා නිසා යාපනය සති පොළ වසයි යාපනය නගරාධිපතිවරයා ඇතුළු දහඅට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු යාපනය පොළ තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 24 March 2021
ජිනීවා ගැන දිනේෂ්ගේ විශේෂ ප්‍රකාශය හෙට ජීනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (25) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 24 March 2021
රවී ඇතුළු පිරිස 30 තෙක් යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) නියම කළේය. 24 March 2021
ටයිල් ආනයනය ලිහිල් කරයි ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 24 March 2021
වස පොල්තෙල් ගැන සොයන්න පරීක්ෂණයක් පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට ඇතුළු වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට තමා උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය. 24 March 2021
අනුර කුමාර ගෙන් පෙත්සමක් දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිෂන් සභාව මගින් තමන්ට එරෙහිව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා අද (24) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. 24 March 2021
ඩුබායි හිදි මිය ගියේ කෙසෙල්වත්තේ දිනුක බවට තහවුරුවේ ඩුබායි හිදි හදිසියේ මියගිය බව සඳහන් කරමින් ඉකුත් 18 වැනි දා මෙරටට එවූ මළ සිරුර කෙසෙල්වත්ත දිනුක නමැති සංවිධානාත්මක කල්ලි සාමාජිකයාගේ බවට ඩී.එන්.ඒ පරික්ෂණයෙන් තහවුරු වී අතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 March 2021
හෙට ජාතික ශෝක දිනයක් අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහ නාමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. 24 March 2021
‘‘දියවන්නා ඔය අපවිත්‍ර කරලා‘‘ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ ශුද්ධ කර එම ජලය දියවන්නා ඔයට දැමීම නිසා එහි යම් දූෂණයක් වී ඇති බවත් මෙය සේවක පිරිසක් ඔළුව කල්පනා නොකර කළ වැඩක් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 24 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026