මාතලේ තරු පන්ති හෝටලයක ප්‍රධාන සුපවේදියාට කොරෝනා මාතලේ ප්‍රධාන පෙළේ තරු පන්තියක හෝටලයක ප්‍රධාන සුපවේදියාට සහ මානව සම්පත් අංශයේ සේවකයකුට කොරෝනා ආසාදන වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු කියති. 29 April 2021
සෞදි රැඳවුම් බාරයේ සිටින හැත්තෑවක් ඉදිරි දිනවල දිවයිනට සෞදි අරාබියේ රියාද් හී තර්හීල් කඳවුරේ සෞදි බලධාරීන්ගේ රැදවුම් බාරයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 98 දෙනා ගෙන් 70 දෙනකු ඉදිරි දින කිහිපයේදී කණ්ඩායම් වශයෙන් දිවයිනට පිටත් කර හැරීමට සෞදි රජය පියවර ගන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 29 April 2021
කොළඹ කෞතුකාගාරයත් වහයි කොළඹ ජාතික කෞතුකාගාරයේ නිලධාරින් පිරිසකට කොවිඞ් 19 වයිරසය ආසාදනය වීම නිසා කෞතුකාගාරගය සති දෙකකට වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත. 29 April 2021
නගරාන්තර හා දුරගමන් සේවා දුම්රිය රැසක් මැයි 1 සිට අවලංගු කරයි නගරාන්තර හා දුරගමන් සේවා දුම්රිය වාර රැසක් අනිද්දා (1) සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දුර ගමන් සේවා දුම්රියන්හි ආසන වෙන්කිරීම අවම මට්ටමක පැවතීම නිසා මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 29 April 2021
විෂ පොල්තෙල් සමාගමට නඩු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙදපොලට නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොළේ පොල්තෙල් සමාගමට එරෙහිව ලබන අඟහරුවාදා (4 වැනිදා* මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 29 April 2021
ආගමික ස්ථානවල රැස්වීම් සීමාකරයි සියලු ආගමික ස්ථානවල පවත්වන සාමූහික ක්‍රියාකාරකම් සීමාකළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 29 April 2021
කොරෝනා ආසාදිතයෝ මේ වන විට 1077ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 1,077 දෙනකු අද (29) දිනයේ හඳුනාගෙන ඇත. 29 April 2021
ප්‍රා සභාපති කැබිතිගොල්ලෑව එම්.ඕ.එච්ට ගොරවයි කොරෝනා වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා කැබිතිගොල්ලෑව නගරයේ පී.සී.ආර් පරික්ෂණ සිදු කරමින් සිටියදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා සභාපති තම රාජකාරියට බාධා කරමින් තර්ජන කර බැණ වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 29 April 2021
‘‘හමුදා ගොඩනැගිලි,සංචාරක හෝටල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගන්නවා‘‘ යුද හමුදාවේ ගොඩනැගිලි සහ සංචාරක හෝටල්ද කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථාන වශයෙන් ඉදිරියේදී යොදා ගැනීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි . 29 April 2021
දරුවන් අතර පැතිරෙන වයිරස් උණක් මේ දිනවල ළමයින් අතර වයිරස් උණ රෝගයක් පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. 29 April 2021
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්වයක් අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතාගේ කාර්යාලය වට කරමින් අද (29) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 29 April 2021
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටි. 29 April 2021
නිවාස අධිකාරියේ ලොක්කෝ දෙදෙනෙක්ට කොරෝනා නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරීවරයාට සහ නියෝජ්‍ය සාමාන්යාධිකාරීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි. 29 April 2021
ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත්: සෞඛ්‍ය අංශ නෑ බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළුවන්නන් ස්ථාන 12කදී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවනට ලක් කරන බවට ප්‍රකාශ වුව ද අද ස්ථන කීපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වෙයි. 29 April 2021
ගම්පහට තවත් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 29 April 2021
‘‘ජාත්‍යන්තර මුහුදේදී කා සමගවත් සබඳතා එපා‘‘ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලා සිටී. 29 April 2021
ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් අයි.සී.සී බාරයට ශ්‍රී ලංකාව ක්‍රිකට් ආයතනයේ සේවකයකු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ බාරයට මීට සුළු වේලාවකට පෙර ගත් බව වාර්තා වෙයි. 29 April 2021
නුවරඑළියේදී බසයක් ප්‍රපාතයකට: 15ක් රෝහලට නුවරඑලිය හයිපොරස්ට් සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මහතුඩුගල දී මාර්ගයෙන් ඉවතට ප්‍රපාතයෙන් පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනකු නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බව රාගල පොලිසිය පවසයි. 29 April 2021
ගත වූ විසි හතර පැයේ මහනුවරින් ආසාදිතයෝ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉකුත් විසි හතර පැයේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 88 දෙනකු වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 29 April 2021
‘‘වැසිය යුතු ප්‍රදේශ ක්ෂණිකව වහනවා‘‘ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට තිබෙන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක යයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 29 April 2021
වාරියපොළ ප්‍රාදේශීය සභාව වහයි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය අද (29) උදෑසන වසා දැමූ බව එහි සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා පැවසීය. 29 April 2021
කේරළ ගංජා කිලෝ 240කට ගිනි තබයි යාපනය මාදගල් ප්‍රදේශයේ මුහුදු වෙරලේ තිබූ බෝට්ටුවක සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 240 ග්‍රෑම් 950 ක ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි. 29 April 2021
ත්‍රිකුණාමලයේ කෝවිඩි ඉහළ යයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යැමත් සමග තවත් ග්රාමනිලධාරි වසම් හයක් හුදෙකලා කිරිමට කටයුතු කල බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි. 29 April 2021
මැතිසබෙත් සීමාවන ලකුණු කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ . 29 April 2021
ගාල්ල හා කලුතරිනුත් සැර කොරෝනා හමුවෙයි ගාල්ලේ හා කලුතර කොරෝනා ආසාදිතයන් ගෙන් ලබා ගත් ජෛව සාම්පලවලද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති බී117 සැර කොරෝනා වයිරසය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 29 April 2021
හිඟුරක්ගොඩ සිරිකෙත ගමෙන් තවත් රෝගීන් 32ක් දැනට හුදෙකලා කර ඇති හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 32ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද අනාවරණය කරයි. 29 April 2021
පින්කම් ගෙදරට ආ දෙදෙනෙක්ට කොරෝනා මාපලගම පරණතානායම්ගොඩ ගල්වාන ප්‍රදේශයේ නිවෙසක පැවැති දානමය පිංකමකට සම්බන්ධවූ පුද්ගලයන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඊට සහභාගීවූ පවුල් තිහක් පමණ පිරිසක් නිරෝධායනයට ලක් කළ බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 29 April 2021
දෙදින නිල සංචාරය අවසන් කර චීන ආරක්ෂක අමාත්‍ය දිවයිනෙන් පිටව යයි දෙදින නිල සංචාරයක් සදහා මෙරටට චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ අද (29) සිය දෙදින නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගියේය. 29 April 2021
බොරුව ප්‍රචාරය කර අමාරුවේ වැටේ කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ 19 හැවිරිදි තරුණයකු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 29 April 2021
නිරෝධායන නීති කැඩූ 187කට නඩු නිරෝධායන නීති උල්ලංඝනය කළ 187 දෙනකු ගතවූ ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි 29 April 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026