ජී.එම්.ඕ.ඒ. නිලවරණය 26 නෑ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා ලබන 26 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස දැනුම් දුන් කොළඹ දිසා අධිකරණය වත්මන් විධායක කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා නොකරන ලෙස ද දැනුම් දුන්නේය. 21 June 2021
කොවිඩ් මරණ තවත් 52ක් කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 June 2021
උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්ට නොතීසි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවකට වැඩ තහනමට ලක්ව සිටි රඹෑව ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම තනතුරෙහි නැවත පිහිටුවීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජූලි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 June 2021
කොස්තාපල්ගේ වෙඩි පහරින් ටිපර් රියැදුරා මරුට මඩකපුව, සින්නඌරනී ප්‍රදේශයේදී අද (21) පස්වරු 5.10 ට පමණ ඇමති ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 June 2021
යුපුන් ටෝකියෝ ඔලිම්පික් දොරටුව අභියස ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකොන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. 21 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,732ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (21) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
මාලිනී ගෝවින්නගේ දිවි සැරිය නිමාකරයි ප්‍රවීණ සාහිත්‍යවේදිනියක්, පුවත්පත් කලාවේදිනියක්, ලේඛිකාවක්, මෙන්ම කිවිඳියක් වූ මාලිනී ගොවින්නගේ මෙනවිය අද (21) අභාවප්‍රාප්ත වූවාය. 21 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් උපරිම වන්දියක් ගන්නවා‘‘ මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීම සදහා නැවේ හිමිකරුවන් සමඟ දීර්ඝ සාකච්ඡා අරඹා ඇතැයි අධිකරණ අමාත්‍ය අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි. 21 June 2021
‘‘අවශ්‍ය ප්‍රමාණයට සේවකයන් කැඳවන්න‘‘ බස්නාහිර පළාත තුළ රජයේ අමාත්‍යාංශ සහ අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සේවකයන් කැඳවිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. 21 June 2021
මැතිවරණ නීති හදන මැති සබා කමිටුවෙන් තීරණයක් මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබාදී තිබූ කාලය ලබන ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (21) තීරණය කළේය. 21 June 2021
තාක්ෂණික උද්‍යාන හතරක් ඉදිකරයි ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඩිජිටල් ලෝකයට ගෙනයෑමේ අරමුණින් ඩිජිටල් ව්‍යවසාය සහ සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය තාක්ෂණික උද්‍යාන (ටෙක් පාක්) හතරක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ. 21 June 2021
මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන්ට අගමැතිගෙන් පොරොන්දුවක් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසදීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(21) පැවසීය. 21 June 2021
ස්මාර්ට් දුරකථන ගන්න ගුරුවරුන්ට සහන ණයක් රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 21 June 2021
තෝර්ට දැන් සුවයි දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් ඌ කුකුළු මස් පවා ආහාරයට ගෙන ඇති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය . 21 June 2021
කොළඹට නව රථගාල් 12ක් කොළඹ නගරයේ රථවාහන තදබදය වැළැක්වීම සඳහා නව රථගාල් 12ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළේ සිවුවෙනි රථ ගාල කොළඹ 11 අබ්දුල් කාදර් මාවතේ ඉදිකිරීම ඇරඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 21 June 2021
‘හරක් කටාගේ‘ නැන්දණිය අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ සිටින ‘‘මිදිගම නදුන් චින්තක’’ නොහොත් ‘හරක් කටා’’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ නැන්දණීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (21) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 21 June 2021
සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු තත්වය කොරෝනා තෙවැනි රැල්ල පාලනය කිරීම වෙනුවෙන් මසක පමණ කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (21) අලුයම 4.00 සිට ලිහිල් කිරීමෙන් අනතුරුව ජනතාව විශාල වශයෙන් නගර හා වෙළඳසැල් වෙත රැස්ව සිටිනු දක්නට ලැබිණි. 21 June 2021
අන්තරේ විරෝධතාවට පොලිසියෙන් බාධා වසංගතයට මුවාවී සම්මත කිරීමට සැරසෙන නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පුද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 21 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය අවස්ථාවේ පොලිසිය ඊට බාධා කිරීමත් සමග දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය. 21 June 2021
කෝටි විසි දාහේ පරිපූරක ඇස්තමේන්තුව අනිද්දා මැති සබයට කොරෝනා මර්දන කටයුතු සඳහාත් රජයේ අනෙකුත් වියදම් සඳහාත් අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ දී අනිද්දා(23) සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය . 21 June 2021
ඇඹිලිපිටිය නගර සභාපතිගේ පෙත්සම නිෂ්ප්රභා කරයි අක්‍රමිකතා චෝදනා මත ඇඹිලිපිටිය නගර සභා සභාපති ලලිත් ධර්මකීර්ති මහතා සිය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගත් තීරණය සාධාරණ බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ලලිත් ධර්මකීර්ති මහතා ගොනු තිබු විශේෂ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළේය. 21 June 2021
තමිල්නාඩුවෙන් ගෙනා කාබනික පොහොර රේගුවේ හිරවෙයි ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ආනයනය කළ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවසීය. 21 June 2021
විශ්වාසභංගය රාජපක්ෂ කොන්ත්‍රාත්තුවක්ලු බලශක්ති අමාත්‍යවරයාට පමණක් විශ්වාස විශ්වාසභංග යෝජනාවක් ගෙන එමෙන්ම විපක්ෂය මෙි කරන්නේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් දැයි බරපතළ සැකයක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 21 June 2021
අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. 21 June 2021
ගිනිගත් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂට ඇප එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ අධ්යක්ෂ අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේය. 21 June 2021
වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළැයි වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පැමිණිල්ලක් වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත. 21 June 2021
රිෂාඩ් - ප්‍රේමලාල් හෙට සහ අනිද්දා මැති සබයට රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ද හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කැඳවාගෙන ඒමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.. 21 June 2021
‘‘අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට පළාත් සහ කළාප මටට්මින් මධ්‍යස්ථාන‘‘ අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ගබාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සහ කළාප මටට්මින් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. 21 June 2021
‘ඇත්ත කියන නිලධාරීන් ඉවත් කර කොරෝනා මඬින්න බැහැ‘ බියක් සැකක් නැතිව ඇත්ත කියන සෞඛ්‍ය නිලධාරීන් තනතුරු වලින් ඉවත් කර වැඩ බැරි අය ඒ තැනට පත් කිරීමෙන් කොරෝනා මර්දනය කළ හැකිදැයි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 21 June 2021
‘ඩෙල්ටා‘ යැයි සැක ආසාදිතයෙක් මාදිවෙලින් ඉන්දීය ‘ඩෙල්ටා ‘කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ බවට සැක කෙරෙන පුද්ගලයකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
‘‘ගෑස් මිල කිසිසේත් වැඩි කරන්නේ නෑ‘‘ ගෑස් මිල වැඩිකිරීමට මේ අවස්ථාවේ කිසිසේත්ම අවසර නොදීමට ගෑස් මිල සම්බන්ධව සොයාබැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව අද තීරණය කළ බව එම කමිටුවේ සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. 21 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026