’’අස්ට්‍රාසෙනිකා’’ ගැටලුව විසඳන හැටි පවිත්‍රා කියයි‘ කොරෝනා මර්දන අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (23) පැවසුවාය . 23 June 2021
ලංකාදීප පොසොන් ආලෝක පූජාව හෙට තන්තිරිමලේදී සීමාසහිත විජය පුවත්පත් සමාගම වාර්ෂිකව පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (24) පස්වරුවේ පැවැත්වේ. 23 June 2021
රිෂාඩ්-රියාජ් ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයි සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර සහ හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා අද (23) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 23 June 2021
පී.සී.ආර් යන්ත්‍ර නැති දිස්ත්‍රික්කවලට පී.සී.ආර් කේන්ද්‍රයක් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පහසුකම් නොමැති දිස්ත්‍රික්ක සඳහා එම පහසුකම් සහිත කේන්ද්‍රයක් (POINT OF CARE PCR) ලබන මාසයේදී පිහිටුවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද(23) පැවසුවාය . 23 June 2021
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000ක් ගුරු සේවයට උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. 23 June 2021
විපක්ෂය හිතන්නේ හිඟන්නා හිතන විදියටයි තුවාලය පෙන්වමින් හිඟා කන හිඟන්නාගේ ඒ තුවාලය සුවකිරීමට යෑමේදී ඔහු කලබලයට පත්වීම ස්වාභාවික බවත් ආර්ථික ප්රශ්නය නමැති තුවාලය මේ ආණ්ඩුව සුව කිරිමට යද්දි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලබලවී ඇත්තේද ඒ ආකාරයටම බවත් මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවැසීය . 23 June 2021
කටුනායක ගුවන්තොටේ ආගමන විගමන පහසුකම් පුළුල් කරයි කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගී තදබදය අවම කිරීම සදහා ආගමන හා විගමන පහසුකම් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 23 June 2021
අභ්‍යසලාභි රාජ්‍ය නිලධාරිනියන්ට ප්‍රසූත නිවාඩු දින 84 ක් අභ්‍යාසලාභී රාජ්‍ය නිලධාරිනියන් වෙත ලබාදී ඇති දින 42 ප්‍රසූත නිවාඩුව දින 84 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන්නේ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 23 June 2021
රට ලොකු මුදල් අර්බුදයක රට අද තියෙන්නේ ලොකු මූල්‍ය අර්බුදයක යැයිද රජය එය වසන් කරන්නේ යැයිද ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය . 23 June 2021
රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97වන ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වුණු ගුණ සැමරුම් උත්සවය කොළඹ අළුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අබියස දී අද (23) පෙරවරුවේ පැවැත්විණි. සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ඉතා චාම්ව පැවති මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 23 June 2021
“ආණ්ඩුව ලොකු මිනිහාට බදු සහන දී පොඩි මිනිහ බඩගින්නෙ තිබ්බා’’ ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 June 2021
ටොන් 30ක් හිස මත වැටී මෝටර් කාර්මික ශිල්පියා මරුට කාර්මික දෝෂයකට ලක් වූ ලොරි රථයක් සකස් කරමින් සිටි මෝටර් කාර්මිකයක් ගේ හිස මතට ඒම ලොරි රථය වැටීමෙන් මරණයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 23 June 2021
විපක්ෂයේ උද්ඝෝෂණයකින් මැතිසබේ උණුසුම් වෙයි ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ සහිත පෝස්ටර් ඔසවමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන්කාරී තත්වයක්අද(23)පෙරවරුවේ ඇතිවිය. 23 June 2021
ලෙබනනයෙන්-සිරියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වෛද්‍ය උපකරණ තොගයක් දොම්පේ දිස්ත්‍රික් රෝහලට අනුබද්ධිතව අලුතින් පිහිටුවන ලද ඇඳන් 300 කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍යව තිබූ තවත් වෛද්‍ය උපකරණ තොගයක් ලෙබනනය හා සිරියාවෙන් මෙරටට ලබාදුන් බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි. 23 June 2021
අංගොඩ ලොක්කාගේ මස්සිනා කුඩුත් සමග මාට්ටු හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මස්සිනා නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 23 June 2021
සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගන්න සැලැස්මක් කොවිඩ් නිසා බිදවැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දිස්ත්‍රක් මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියයි. 23 June 2021
කල් ඉකුත් වූ කෝටි ගණනක ඖෂධ නැදිමාලෙන් අල්ලයි දෙහිවල නැදිමාලේ රබර්වත්ත ප්‍රදේශයේ ඖෂධ ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඒහි තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි. 23 June 2021
තහනම් හක්බෙල්ලන් රේගුවේ හිරවේ අපනයනය තහනම් කර ඇති හක්බෙල්ලන් 21000 කට අධික තොගයක් ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි. 23 June 2021
පළාත් හතරකට ගිගුරුම් සහිත තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 June 2021
සංචරණ නීති කඩන්නන් අල්ලන්න පොලිසියෙන් වැඩ පිළිවෙළක් සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් , පොදු ප්‍රවාහන සේවාවන්වවලමුහුණු ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් රාජකාරියට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 23 June 2021
නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට නීනීරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 433 දෙනකු ඊයේ (22) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 23 June 2021
දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි. කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 June 2021
ලක්ෂ 10ක කුඩු සමග ‘‘කුඩු මංගලිකා‘‘ මාට්ටු කැලණිය ප්‍රදේශයේ ප්‍රධානතම මත්කුඩු ජාවාරම්කාරියක් යැයි කියන කළුපහනගේ මංගලිකා නොහොත් ‘කුඩු මංගලිකා’ නැමැත්තිය රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ රුපියල් 50,000 කට අධික මුදලක් සමඟ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 22 June 2021
‘‘ගර්භණීන්ට එන්නත් දීම පැහැර ඇරලා‘‘ ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම නිලධාරීන් පැහැර හැර ඇති හෙයින් අවදානම් සහගත ගර්භනී මාතාවන් දැඩි අනතුරකට මුහුණ පා ඇතැයි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි. 22 June 2021
නාවල විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු ඉල්ලයි නාවල විවෘත විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කර ගැනීම මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබේ. 22 June 2021
තැපෑලට වාර්තා ගත ආදායමක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 22 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,320ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,320 දෙනකු අද (22) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 22 June 2021
ගුවන් සේවයයි - රක්ෂණ සංස්ථාවයි කෝප් කමිටුවට ශ්‍රී ලංකා ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් )හමුවට කැඳවීමට තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 22 June 2021
මිචෙල් බැචෙලේගෙන් තවත් චෝදනාවක් මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය පැවසුවාය. 22 June 2021
‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි ඉන්දීයාවේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයා සොයා ගැණුනු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ මාර්ග දෙකක් වසා දැමූ බව පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 22 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026