‘අස්ට්‍රාසෙනිකා ගැටලුව විසඳන්න විද්වත් කමිටුව ලබන සතියේ රැස්වෙයි‘ අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිය හැකි දැයි නිර්දේශ කිරීම සඳහා එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේදී රැස්වීමට නියමිතය . 25 June 2021
ගුරුතුමිය ඔන්ලයින් කරද්දී ඡංගම දුරකතනය රිලවෙක් ඩැහැගනී ඔන්ලියන් අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් සංඥා ලබා ගැනීම සඳහා ගසක් මත තැබූ රුපියල් 50,000ක් පමණ වටිනා ස්මාර්ට් ඡංගම දුරකතනයක් රිලවකු ඩැහැගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල කිරිමැටියේ ගුරුවරියක කියන්නීය. 25 June 2021
‘ආණ්ඩුව දිනෙන් දින ජනතා විශ්වාසය පළුදු කරනවා‘ ආණ්ඩුව දිනෙන් දින ජනතා විශ්වාසය පළුදු වන ආකාරයෙන් කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය. 25 June 2021
කාබනික පොහොර ආනයනය නවත්වයි කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 25 June 2021
නිදහස ඉල්ලා වැලිකඩ රැඳවියෝ වහළයට නගිති මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඩුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමක් වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලමින් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් 150 දෙනෙකු පමණ ඊයේ (25) සිට ආහාර වර්ජනයක නිරතවෙමින් සිටිති. 25 June 2021
මාතලේ ගබඩාවක පොහොර මිටි 1000ක් සඟවලා මාතලේ - විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මාරක ප්‍රදේශයේ පෞද්ගලික වෙළදසැලක රජයේ සහනාධාර පොහොර මිටි දහසකට ආසන්න ප්‍රමාණයක් සගවා තිබු ගබඩාවක් වටලා එහි පොහොර ගොවින්ට ලබාදිමට මාතලේ පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත්තේය. 25 June 2021
මත්ද්‍රව්‍ය-මත්පැන් සම්බන්ධ මෙහෙයුම්වලින් දිනකදී 200 ක් අත්අඩංගුවට නීති විරෝධි මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට සම්බන්ධව දිවයින පුරා කළ මෙහෙයුම්වලදී 200කට ආසන්න පිරිසක් ඊයේ (24) දිනදී පමණක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 25 June 2021
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් යළි අපනයනයට ඉන්දියාව තිරණය කරයි ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත. 25 June 2021
අද දවසේ කාලගුණය සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 June 2021
බැසිල් 6 වැනි දා මැති සබයට ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 24 June 2021
කොවිඩ් මරණ 2,800 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 June 2021
වැලිමඩ ගමක් හුදෙකලා කරයි වැලිමඩ පොලිස් වසමේ හුලංකපොල්ල (49 සී) ගාම නිලධාරී වසම අද 24 දින සිට හුදෙකලා කළ බව වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 24 June 2021
හිරුණිකාගෙන් ජනපතිට ලිපියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. 24 June 2021
‘‘රනිල් - සජිත් එකතු කරනවා‘‘ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. 24 June 2021
දුමින්දට සමාව දුන්නාට එජාපයෙත් විරෝධය ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කර අධිකරණය අවභාවිතා නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 24 June 2021
කොරෝනා ආසාදිතයන් 1228ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,228 දෙනකු අද (24) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 24 June 2021
දුමින්දගේ නිදහස් වීම ගැන ස.ජ.බයෙන් විරෝධය වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 24 June 2021
හෙට අලුයම 4.00 රට අරි දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හෙට (25) අලුයම 4.00ට ඉවත් කිරිමට නියමිතය . 24 June 2021
“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අනුමත කරන්න බෑ’’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. 24 June 2021
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 24 June 2021
ජනාධිපති හෙට ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 24 June 2021
‘‘සති දෙකක් යනතුරු මරණ වාර්තාව මේ විදියටම තියේවි‘‘ තවත් සතියක් දෙකක් යනතුරු කොවිඩ් මරණ වැඩියෙන් වාර්තා වනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. 24 June 2021
කෝටි 50 ක කුඩු සමග ඇල්ලූ එස් අයි රිමාන්ඩ් රුපියල් කෝටි 50 කට අධික වටිනා කමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත් අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටි දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා ලබන මස 8වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (24) නියෝග කළේය. 24 June 2021
කොවිඩ් රෝගීහු 135ක් දැඩිසත්කාර ඒකකවල කොවිඩ් රෝගීන් 135 දෙනෙකු රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 24 June 2021
මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක මරණ දඬුවම නියමවී මහර බන්ධනාගාරයේ සිටින රැද්වියන් 76 දෙනකු අද (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. 24 June 2021
‘ගෑස් ආනයනය කරන්න රජය මැදිහත්වෙනවා‘ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීමේදී රජය මැදිහත් වන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 24 June 2021
අගමැති පෙහෙවස් සමාදන් වෙයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී අද (24) උදෑසන පෙහෙවස් සමාදන් විය. 24 June 2021
‘හරි දේ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා‘ රාජකාරියේදී හරි දේ කරන්නැයි සියලු පොලිස් නිලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටින බවත් හරි දේ කර නඩු වැටෙන නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය . 24 June 2021
මහින්ද -රනිල් හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි හමුවක් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිණ. 24 June 2021
කහ කිලෝ 750 ක් යුද හමුදා බාරයට ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 750ක් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී අද (24) අලුයම සිය බාරයට ගත් බව යුද හමුදාව පැවසිය. 24 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026