අනුර කුමාරට පොහොට්ටුවෙන් දෝස්මුරයක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් අද (18) පස්වරුවේ ඇතිවිය. 18 May 2022
විජයග්රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ 14,401 ට උසස්වීම් 13 වැනි විජයග්රහන ජාතික රණවිරු සැමරුම උත්සවය ට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිළයින් 14,401 දෙනෙකු උසස් කර ඇති බව හමුදාව පවසයි. 18 May 2022
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 10 ක ජල කප්පාදුවක් ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මේ මස 21 වැනිදා (සෙනසුරාදා) රාත්‍රී 10.00 සිට පසුදින (22 වැනිදා) පෙරවරු 8.00 දක්වා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 18 May 2022
රජිව් ගාන්ධි ඝාතකයාට නිදහස රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය. 18 May 2022
‘ලංකාවේ ණය ගෙවන්න ඩොලර් නෑ‘ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය 18 May 2022
‘‘කොටි එනවෝ‘‘ කියා ගැමියන් බය කළ හතක් අල්ලයි කොටි ත්රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු අද මධ්‍යම රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය පවසයි. 18 May 2022
ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම් සමගි ජන බලවේගයේ අය ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. 18 May 2022
බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දෙන් මුසම්මිල් දියණියට ජය කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය ශස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළාය. 18 May 2022
‘ලංසා‘ හඬා වැටෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය දේපළවලට හානි කිරීම ගැන අද(18) පාර්ලිමේන්තුවේදී කතා කළ අවස්ථාවේ වරින් වර හඬා වැටෙනු දැකගත හැකිවිය. 18 May 2022
පාන්-බනිසුත් නැතිවෙන හැඩ තිරිඟු පිටි (පාන්පිටි) මිල පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඉදිරි සතියේ බේකරි සහ හෝටල් එකතුව සියලුම නිෂ්පාදන අත්හිටුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 18 May 2022
ගෑස් සැපයුම දින දෙකක් ප්‍රමාදයි අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වීම නිසා ගෑස් බෙදාහැරීම නැවත ආරම්භ කිරීමට දින දෙකක් පමණ ගතවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය. 18 May 2022
රුපියල ශත 10කින් ගණන් උස්සයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගියේය. 18 May 2022
ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක් වන ඩෑන් ප්‍රියසාද් ඇතුළු හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 18 May 2022
මහනුවර නා.මන්ත්‍රීගේ ගිනි ගත් නිවසින් පවුම් 34ක් අතුරුදන් මහනුවර මහ නගර සභාවේ පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී සංගීත් සිල්වා මහතාගේ නිවසට පහර දෙද්දී එම නිවසේ තිබූ රන් පවුම් 34.5 ක් මුදලින් රුපියල් ලක්ෂ අටක් ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් අස්ථානගත වී ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ . 18 May 2022
රාගම තරුණයෝ පිරිසක් වගා සංග්‍රාමයක් අරඹති දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ ආහාර, තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගැනීමේ වගා සංග්‍රාමයක් ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණ’ මගින් ආරම්භ කර ඇත. 18 May 2022
කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයා මරුට දඹුල්ල කණ්ඩලම ජලාශයේ දියනෑමට ගිය 19 හැවිරිදි තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි 18 May 2022
මහින්ද පාර්ලිමේන්තුවට එයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. 18 May 2022
අද සවස සිට ඩීසල් දිගටම දෙනවා අද සවස් වරුව වන විට ලංකාවේ සියලුම ඉන්ධන හල් සඳහා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 May 2022
කැබිනට් මණ්ඩලය පත් කරන දිනය වහා කියන්න කැබිනට් මණ්ඩලය පත් වන දිනයක් ගැන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 May 2022
මාධ්‍යවේදීන් ගැන කතානායකගෙන් හෙට ප්‍රකාශයක් මාධ්‍යවේදීන් දෙදෙනෙකු සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ඇති වු ආරවුල පිළිබඳව හෙට දිනයේ දී ප්‍රකාශයක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 18 May 2022
කොළඹ පාරවල් රැසක් අවහිර වෙයි ඉන්ධන ඉල්ලා සුගතදාස ක්‍රීඩාංගණය අසල, කොළඹ මීගමු මාර්ගය සහ බොරැල්ල මරදාන පාර, ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි. 18 May 2022
මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් තෙල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත් පිට මුදලට තාවකාලිකව ලබාදෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සහයක සේවා අධ්යක්ෂවරයාට උපදෙස්දී ඇත. 18 May 2022
පළාත් හතරකට විටින් විට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 May 2022
යතුරු පැදි අනතුරින් දෙකක් මරුට:තුනක් රෝහලට යාපනය තිරුණවේලී ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 18 May 2022
දේශබන්දුගෙන් පැය අටහමාරක ප්‍රකාශයක් අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල අසල සාමකාමි විරෝධතාකරුවන්ට ඉකුත් (9) දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 8 1/2 ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි . 18 May 2022
මහින්ද- නාමල් මැතිසබේ නෑ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීමට අද (17) සහභාගි නොවීම විශේෂත්වයක් විය. 17 May 2022
මන්ත්‍රීවරු රොත්තක් පුංචි වාහනවලින් මැතිසබයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට අද (17) පැමිණීම විශේෂත්වයක් විය. 17 May 2022
ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාද වුණේ උපක්‍රමශීලී නොවීම නිසයි ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 17 May 2022
ගෝඨා ගමට පහර දෙන්න ආ අයට කඳුළු ගෑස් ගහන්න හැදුවත් ඉහළින් ඕඩර් ආවා කළහාකාරි පිරිස් ගාලුමුවදොර “ගෝඨා ගමට” පහර දීමට පැමිණීම වැළැක්වීම සදහා ගෝල්ෆේස් වටරවුමේ දී පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවා කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද යොදා තිබු බවත්, අවසානයේ ඉහලින් ලැබුණ දුරකතන ඇමැතුමකට අනුව අවසාන මොහොතේ කඳුළු ගෑස් හා ජලප්රහාර එල්ල කිරීම වැළැක්වුණු බව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද්‍රකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද 17 May 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 කගෙන් හෙට සී.අයි.ඩී යට ප්‍රකාශ අරලියගහමන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හය දෙනකුගෙන් හෙට (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත. 17 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026