’’අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි’’ අමාත්‍යාංශ ලේකම් කියලා අරලියගහ මන්දිරයට රැස්වූ සෙනඟට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ අමාත්‍යංශ ලේකම් බවට තොරතුරු ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද ( 17 )පැවසීය. 17 May 2022
ගෝඨා ගෝ ගම ප්‍රහාරය: හිටපු පළාත් මන්ත්‍රී ඇතුළු තිදෙනා රිමාන්ඩ් කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා ඇතුළු තිදෙනා හෙට(18) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 17 May 2022
මිලාන් ජයතිලකත් අත්අඩංගුවට අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැවසීය. 17 May 2022
සනත් නිශාන්ත අත්අඩංගුවට අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 17 May 2022
ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක් ආණ්ඩුව කරන්නේ ජනාධිපති හෝ අගමැති නොව කළුපාට කුරුල්ලෙක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය. 17 May 2022
උද්ඝෝෂකයනට පහර දුන් පිරිස දෙදිනක් ඇතුළත අල්ලයි කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමාකාමී උද්ඝෝෂකන්ට පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි. 17 May 2022
අගමැති කාර්යාලයෙන් ආදර්ශයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ. 17 May 2022
අමරකීර්ති වෙනුවට සමරවික්‍රම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ අභාවප්‍රාප්තවීමෙන් පුරප්පාඩු එම මන්ත්‍රීධූරය සඳහා ජගත් සමරවික්‍රම පත් කෙරේ. 17 May 2022
දේශබන්දු සී.අයි.ඩීයට කොල්ලුපිටිය හා ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධකාකරුවනට ඉකුත් 9 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 17 May 2022
’’භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයයි’’ භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයෙන් යැයිද අද එම බීජ වල ඵල නෙළා ගන්නට වරුන්ට සිදුවී ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 May 2022
නියෝජ්‍ය කතානායක කමට කාන්තාවක් පත් කළා නම් මම කැමතියි නියෝජ්‍ය කථානායක ලෙස කාන්තාවක් තෝරා ගත්තා නම් තමා කැමති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය. 17 May 2022
ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විවාදයට ගැනීම කල් යයි ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම කල් ගියේය 17 May 2022
ඉන්ධන නැව් හතරක් ඉදිරි දෙසතියේ මෙරටට ඩීසල් සහ පෙට්‍රල් නෞකා හතරක් ඉදිරි දින 15 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 May 2022
හෙටත් පැය 4කට ආසන්න විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (18) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය මහතා පැවසීය. 17 May 2022
නීතිඥවරු අලුත්කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (17) දැන් පැවැත්වේ 17 May 2022
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකගෙන් ප්‍රකාශයක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ පියවර ගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. 17 May 2022
රුපියල ගණන් උස්සයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 25 කින් පහළ ගියේය. 17 May 2022
මේ බෙදෙන්නට කාලය නොවේ මේ බෙදෙන්නට කාලයක් නොව සියලු මන්ත්‍රීවරුන් එකතු වන්නට කාලය යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 May 2022
කළහාකාරි සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට අරලියහග මන්දිරය හා ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 17 May 2022
මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැර පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් අසලදී අද (17) උදෑසන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කර ඔවුන්ගේ ජංගම දුරකථන උදුරා ගනු ලැබ ඇතැයි වාර්තා වේ. 17 May 2022
පාර්ලිමේන්තුවේ තවත් ඡන්දයක් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටු වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය. 17 May 2022
නීතිපතිගේ උපදෙස් පිළිපදින්න අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට පහර දීමට අදාලව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. 17 May 2022
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින් තේරී පත් විය. 17 May 2022
මන්ත්‍රී ජීවිත හා දේපළ රකින්න විශේෂ වැඩපිළිවෙළක් හදන්න වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම තර්ජනයක් වන හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ දේපොළ සහ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පොලිස්පතිට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 May 2022
නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීම ඇරඹේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ආරම්භ විය. ඡන්ද විමසීම කාර්යයක්ෂම කිරීම සඳහා ඡන්ද පෙට්ටි දෙකක් සභාගර්භයේ තබන ලෙස කතානායකවරයා දැනුම් දුන්නේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමු ඡන්දය ප්‍රකාශය කළේය. 17 May 2022
නියෝජ්‍ය කථානායක පත්කර ගැනීමට ඡන්දයක් අවශ්‍යයි සභා රීති අනුව නියෝජ්‍ය කථානායක ධුරය පත්කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ හෙයින් ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 17 May 2022
නී.කතානායක ඡන්දයට මන්ත්‍රී ලන්සා විරෝධය නියෝජ්‍ය කථානායක ධුරය තේරීම සඳහා රුපියල් මිලියන ගණනක මුදලක් වැය වන හෙයින් පක්ෂ නායකයන් රැස්කොට තීරණයක් ගන්නා ලෙස ද එසේ නැතිවුවහොත් ඡන්ද විමසීම වර්ජනය කර එළියට යන බවද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 May 2022
අරගල කරුවන්ට පහර දුන්නැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ඇතුළු 3ක් අත්අඩංගුවට අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සිටි අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 17 May 2022
පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි. 17 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026