සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බසී ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අද(01) උදැසන වනවිට අඩි 96 ක් දක්වා පහළ බැස තිබේ. 01 December 2025
ගංවතුර ගෙවල් සුද්ද කරගන්න ආණ්ඩුවෙන් මුදල් ගංවතුරට හසුවූ නිවාස වල පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දෙන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පැවැසීය. 01 December 2025
බදුල්ලේ වැව් අමුණු ඇළ මාර්ග 920 ක් විනාශයි බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු ආපදාවන් වලින් දිස්ත්‍රික්කයේ වැව්,අමුණු,ඇලමාර්ග 920 ක් විනාශවී ගිය බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය අද (1) පැවසීය . 01 December 2025
මී උණ වලකන පූර්ව ප්‍රතිකාරය නොමිලේ ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. 01 December 2025
අයි.ඩී.එච්- මුල්ලේරියා රෝහල් වලට ගංවතුර නෑ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන කතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 01 December 2025
පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය. 01 December 2025
චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. 01 December 2025
යළි දැනුම් දෙනතුරු හලාවත මහ රෝහල වසා දමයි හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු වසා ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (01) පැවසීය. 01 December 2025
ඩ්‍රෝන යවද්දි දැනුම් දෙන්න දුරකතන අංක අනවසර ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිමෙන් ආපදාවට ලක්වූ ජනතාව බේරාගැනීමේ මෙහෙයවුම්වලට මෙන්ම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජීවිතවලට සහ ගුවන් යානාවලට බරපතළ තර්ජනයක් එල්ල වන බව ගුවන් හමුදාව පවසයි. 01 December 2025
හැටන් කොළඹ මාර්ගයේ පස් කදු ඉවත් කිරිම කඩිනම් කරයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිම කඩිනම් කිරිමට පියවර ගත් බව හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීස් වීරසේකර මහතා පැවසීය. 01 December 2025
විදේශ අමාත්‍යාංශය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවයි ගංවතුර හා නාය යැම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර ඇත. 01 December 2025
රනිල් සියලු පක්ෂ නායකයන් කැඳවයි ’’දිට්වා’’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අතිශය අයහපත් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයින් කැඳවීමට හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. 01 December 2025
ඊච්චලාම්පත්තු ප්‍රාදේශීය රෝහල ජලයෙන් යටවෙයි මහවැලි ගඟ පිටාර ගැලීමත් සමඟ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම් රැසක් ජලයෙන් යට වෙද්දී ඊච්චලාම්පත්තු ප්‍රාදේශීය රෝහලද ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී ගියේය. 01 December 2025
වැලිකඩ රැඳවියෝ අද දිවා ආහාරය දන් දෙති අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට බෙදාදීමට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ අද(1)දිවා ආහාරවේල පරිත්‍යාග කර තිබේ. 01 December 2025
පරිත්‍යාග දිස්ත්‍රික් - ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෙන්න බදුල්ලේ පීඩාවට පත් වූවන්ට සහන සැලසීමේ ක්‍රියාවලියට විවිධ පරිත්‍යාගශීලී පිරිස් ඒ සඳහා උනන්දුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්න බවත් එය ඉතා වැදගත් මෙන්ම ලොකු ශක්තියක් බවත් ඒ සඳහා විශේෂ ස්තූතිය පිරිනමන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය. 01 December 2025
පුත්තලමේ පවුල් 47,222 ක් පීඩාවට මහ වැසි සමඟ පුත්තලම දිස්ත්‍රික්කය ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 16 යම ජලයෙන් යටවිමත් සමඟ දරුණුතම හානියක් මේ වන විට සිදුව ඇති බවත් පවුල් 47,222 ක පුද්ගලයින් 173,165ක් පිඩාවට පත්වි සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්.සිල්වා මහතා පවසන්නට විය. 01 December 2025
අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ විවාද නැතුව සම්මත කරයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂ විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේදී අද දහවල් සම්මත කර ගැනිණ. 01 December 2025
කෑගල්ලේ නාය ගිය පැත්ත පිරිසක් අසරණවෙලා කෑගල්ල බෙලිහුල්වාන ප්‍රදේශයේ නාය යාමෙන් නිවාස තුනක් මුළුමනින්ම විනාශ වී පවුල් පහක පිරිසක් අසරණව ඇති බව ප්රදේශවාසිහු දැනුම් දෙති. 01 December 2025
නුවරඑළියේ 75ක් මරුට 62ක් අතුරුදන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 75 ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 62 ක් අතුරුදන්ව තිබේ. 01 December 2025
තනි රෝදෙන් වැඩ පෙන්වූ 12ක් අත්අඩංගුවට මහජන පීඩාවක් වන ආකාරයෙන් ගෝෂාකාරී ලෙස තනි රෝදයෙන් යතුරුපැදි පැදවු බාලවයස්කාර තරුණයන් දෙදෙනකු ඇතුළු 12 ක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 01 December 2025
අධිකරණ සේවා කොමිසමෙන් විනිසුරුවරුන්ට නිවේදනයක් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උද්ගතවු රටේ බිම් මට්ටමේ තත්ත්වය සැලකිල්ලට ගෙන, පාර්ශවයන්ට අහිතකර වන අන්දමේ නියෝගයන් දීමෙන් හැකිතාක් දුරට වැළකී සිටීමට අධිකරණ සේවා කොමිෂම සියලුම විනිසුරුවරුන්ට නියම කර ඇත. 01 December 2025
ලොකු විනාශයක් ඇතිවුණේ ජලාශවල ජලය එකපාරටම යවපු නිසයි ජලාශවල ජලය මීට පෙර ක්‍රමානුකූලව ඉවත් කළේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවන බව සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂිම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 01 December 2025
’’අපිට අද දවසම ඕනෑ’’ සජබ මන්ත්‍රීවරු සභාගැබෙන් පිටව යති සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දොළහමාර වෙනතුරු විවාදය පැවැත්වීමට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගියහ 01 December 2025
පොළොන්නරුව - මඩකළපුව දුම්රිය මාර්ගයටත් දැඩි හානි පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමෙන්,එහි ජල කඳ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමත් සමඟ පොළොන්නරුව මඩකලපුව දුම්රිය ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල අතර දුම්රිය මාර්ගය කැඩී දැඩි ලෙස හානියට පත්ව ඇති බව පොළොන්නරුව දුම්රිය බලධාරීහු සඳහන් කරති. 01 December 2025
මාතලේ 24ක් මියගිහින් මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 24 දෙනකු මේ වන විට ජීවිත්ක්ෂයට පත්ව පුද්ගලයන් 06 දෙනකු අතුරුදන් වී ඇති බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතා අද(01) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුක පැවසිය . 01 December 2025
පාර්ලිමේන්තුව 3 වෙනිදා දක්වා කල් තබයි පාර්ලිමේන්තුව අනිද්දා (3) උදේ 9.00 දක්වා කල් තබන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මැතිසබේට දැනුම් දුන්නේය. 01 December 2025
රිවස්ටන් බලන්න එනන එපා විශාල ලෙස නායාමට ලක්ව ඇති රත්තොට ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය තව දුරටත් ගමනාගමනයට නුසුදුසු තත්ත්වයේ පවතින බැවින් මාර්ගය වසා ඇති බව මාතලේ මහා දිශාපති ප්‍රසන්න මදනායක මහතා පැවසීය. 01 December 2025
ඉන්දියාවෙන් පැමිණි මුදවා ගැනීමේ කණ්ඩායම් බදුල්ලේ පවතින හදිසි ආපදා තත්ත්වයෙන් වූ ව්‍යාවසනයෙන් පසු සහන සැපයීම සඳහා ඉන්දියාවේ සිට පැමිණි සවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායමේ විසිදෙනකු අද(01) බදුල්ල දිස්ත්‍රික්කයේ අදාළ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට පැමිණ සිටිති . 01 December 2025
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී... 13 March 2026