රිවස්ටන් බලන්න එනන එපා විශාල ලෙස නායාමට ලක්ව ඇති රත්තොට ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය තව දුරටත් ගමනාගමනයට නුසුදුසු තත්ත්වයේ පවතින බැවින් මාර්ගය වසා ඇති බව මාතලේ මහා දිශාපති ප්‍රසන්න මදනායක මහතා පැවසීය. 01 December 2025
ඉන්දියාවෙන් පැමිණි මුදවා ගැනීමේ කණ්ඩායම් බදුල්ලේ පවතින හදිසි ආපදා තත්ත්වයෙන් වූ ව්‍යාවසනයෙන් පසු සහන සැපයීම සඳහා ඉන්දියාවේ සිට පැමිණි සවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායමේ විසිදෙනකු අද(01) බදුල්ල දිස්ත්‍රික්කයේ අදාළ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට පැමිණ සිටිති . 01 December 2025
කොළඹට ආ ගෑස් නැවක් හම්බන්තොටින් ගොඩ බාන්න අවසර පොදු උපයෝගීතා සේවාවන් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම ආරම්භ කර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 December 2025
මාවිල් ආරුවේ 309ක් මුදා ගනී ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ. 01 December 2025
පාර්ලිමේන්තුව විනාඩි තිහකට කල් දමයි පාර්ලිමේන්තුව විනාඩි තිහකට කතානායකවරයා විසින් කල් තබනු ලැබීය. 01 December 2025
කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහළට කැලණි ගඟ ජලය ඉහළ යාමත් සමග කැලණි වේල්ල මතින් පිටාර ගැලීමට ආසන්නයේ පවතින බැවින් වේල්ල අවට පහත් බිම් වල සිටින ජනතාවට ඉන් ඉවත් වන ලෙස කැලණිය පොලිසිය අද අලුයම දැනුම් දුන්නේය. 01 December 2025
හදිසි නීතිය පැනෙව්වේ කාර්යක්ෂමව රට ගොඩනගන්න ආපදාව කළමනාකරණය කර ගැනීම සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීමට ඉවහල් කර ගන්නවා හැරණු කොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් හදිසි නීතිය උපයෝගී කර ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය. 30 November 2025
බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් යලි විවෘත කරයි බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති වර්ශාවත් සමඟ සිදුවු නායයාම්, ආපදාවන් නිසාවෙන් වසා දමා තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඇතුලු දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් අද (30) පස්වරුවේ ගමනාගමන කටයුතු සඳහා යලි විවෘත කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. 30 November 2025
දුකට පිහිට වෙන්න රටම පෙළගැසෙයි. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අසරණව සිටින ජනතාව වෙනුවෙන් පිහිටවීමට ප්‍රධාන පෙළේ ආයතන ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි. 30 November 2025
අනතුරට පත් යානයේ නියමුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි පිඩාවට පත් ජනතාව වෙත සහන සලසමින් සිටියදී වෙන්නප්පුව ගිං ඔයට කඩා වැටුන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකෝප්ටර් යානයෙ ප්‍රධාන නියමුවා මරණයට පත්වු බව මාරවිල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය. 30 November 2025
බත්තුළුඔය පාලමේ පැත්තක් කැඩිලා පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාලම ආසන්නයේ රේල් පාර කොටසක් කඩාගෙන ගොස් ඇති බව මුන්දලම පොලිසිය කියයි. 30 November 2025
පුරවැසි ධෛර්යත් රැගෙන රට නැවත ප්‍රතිනිර්මාණය කරනවා පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව ඒකාන්තයෙන්ම විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. 30 November 2025
දිස්ත්‍රික්ක හතකට නායයෑම් රතු නිවේදන දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇත. 30 November 2025
මුහුදු ගමන් තහනම් කලාපය මෙන්න දිට්වා ’’ [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට කිලෝමීටර් 220 ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.5°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2025
සරසවි අධ්‍යයන කටයුතු අත්හිටුවයි සියලු විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සියල්ලෙහි සියලු අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 වැනිදා දක්වා අත්හිටුවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 30 November 2025
මුදවාගැනීම් සඳහා ඉන්දීය හමුදා කණ්ඩායමක් බදුල්ලට බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති ධාරානිපාත වර්ශාවත් සමඟ දිස්ත්‍රික්කයේ දැනට විපතට පත්ව කොටුවි සිටින ජනතාව මුදවා ගැනීමට ඉන්දීය හමුදා නිළධාරින් කණ්ඩායමක්ද (30)පස්වරුවේ බදුල්ලට පැමිණි බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. 30 November 2025
හැටන් කොළඹ මාර්ගයට කඩාවැටුණු පස්කදු ඉවත් කරයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු ඉවත් කිරීම කඩිනම් කිරීමට පියවර ගත් බව හැටන් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීස් වීරසේකර මහතා පැවසීය. 30 November 2025
ජනපති අද ජාතිය අමතයි ජනාධිපති අනුර දිසානායක මහතා අද(30)වන දා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය. 30 November 2025
බෙල් 212 යානයේ සිටි ගුවන් හමුදා නිලධාරීන් බේරා ගැනේ ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගය හෙලිකොප්ටර් යානයේ හදිසිය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී ගොඩ බෑමට යාමේදී සිදුවූ අනතුරකින් එහි සිටි ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගෙනගේ මහතා පැවසීය. 30 November 2025
හලාවත රෝහලේ සිටි රෝගින් ගුවනින් පුත්තලමට හලාවත මහ රෝහල ජලයෙන් යටවිමත් සමඟ එහි සිටි කුඩා දරුවන් ඇතුළු ගැබිනි මව්වරුන් 54 දෙනෙකු ගුවන් හමුදා ගුවන් යානයකින් පුත්තලම මූලික රෝහලට අද(30) දින රැගෙන ආවේය. 30 November 2025
ඉදිරි දවස් පහක් දුම්රිය යන එන හැටි ගැන නිවේදනයක් දෙසැම්බර් 1 දා සිට 5 වැනිදා තෙක් දුම්රිය ධාවනය කෙරෙන කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 30 November 2025
සහන මෙහෙයුම් යානයක් කඩා වැටෙයි ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගය හෙලිකොප්ටර් යානයක් හදිසිය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී ගොඩ බෑමට යාමේදී සිදුවූ අනතුරකින් එහි සිටි ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගෙනගේ මහතා පැවසීය.ලිකෝප්ටර් යානාවක් වෙන්නනප්පුව ලුණුවිල ප්‍රදේශයට කඩාවැටි ඇති බව ආරංචි මාර්ග කියයි. 30 November 2025
අකුරම්බොඩ එකම පවුලේ 07ක් එක තැන වැළලෙයි පැවැති අයහපත් කාළගුණික තත්ත්වයත් සමඟ ඇති වු වැසි හේතුවෙන් සිදුවු නාය යාමකින් මාතලේ - අම්බොක්ක ප්‍රදේශයේ දී එකම පවුලේ හත් දෙනෙකු නිවස තුළදීම මිය ගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි. 30 November 2025
එළවලු මාළු මිල තවත් වැඩිවෙයි රටතුළ පවතින ආපදා තත්වයත් සමඟ එළවළු මිල තුන්ගුණයකටත් වඩා ද, මාළු මිල දෙගුණයකින් ද, අද (30) පෙරවරුවේ ඉහළ ගොස් තිබුණි. 30 November 2025
ලිට්රෝ ගෑස් සැපයුමේ ගැටලුවක් නෑ ලිට්රෝ ගෑස් වෙළෙඳපොලේ අවශ්‍ය තරම් තොග පවතින බවත් ගෑස් පිරවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඊයෙය් (30) පැවසීය. 30 November 2025
හානි වූ යටිතල පහසුකම් ඉක්මනින් ගොඩනගන්න ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට ඉහළ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 30 November 2025
ගුවන්තොටේ සිර වු සංක්රමණිකයෝ යළි ඉන්දියාවට දින කීපයක් තිස්සේ ඉන්දියාවට යාමට නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ තුළ රැදී සිටි ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් 400 ක පමණ පිරිසක් , ගංවතුර ආපදා ආධාර රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා දෙකකින් අද (30 ) පස්වරුවේ ඉන්දියාව බලා පිටත් කර හැරිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 30 November 2025
මහනුවරට බොන වතුර බෙදයි මහනුවර මහනගර සභාවේ නාගරික බල ප්රදේශපදිංචිකරුවන් පානීය නළ ජලය බෙදා හැරීම මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ. 30 November 2025
මාතලේ - මහනුවර දුම්රිය මාර්ගය එල්ලෙන පාලමක් මහනුවර මාතලේ දුම්රිය මාර්ගය යටවර ප්‍රදේශයෙන් දරුණු නාය යාමකට ලක්ව තිබේ. 30 November 2025
මාර්ග හදන්න පටන් ගනී රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විනාශයට පත්වු සියළු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා අද (30) පැවසීය. 30 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026