කඩුවෙලට විශේෂ ආරක්ෂාවක් ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් සැකකරුවන් ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකයෙන් කඩුවෙල අධිකරණය ආසන්නයට හා අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 10 July 2024
වැඩබලන ජී.එම්.ආර්ට රියැදුරන්ගෙන් පිළිතුරක් උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 10 July 2024
නව ලංකා පෙරමුණෙන් ජනපති අපේක්ෂකයෙක් හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් ලබන ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 July 2024
කොහොම ආවත් එකට තියලා පරද්දනවා එකට ආවත් වෙනම ආවත් ඔක්කොම එකට තබා පරද්දන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 July 2024
උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වෙති දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ. 10 July 2024
අතුරුගිරියේදී වෙඩි වැදුණු ටැටු හිමිකරුගේ බිරියගේ පෙනහැල්ලේ උණ්ඩයක් අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු පැවසීය. 10 July 2024
දුම්රිය ගමන් වාර 23 ක් පමණයි දුම්රිය ස්ථානාධිපතිවරු සහ නියාමකයන් ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 100 කට ආසන්න සංඛ්‍යාවෙන් දුම්රිය 23 ක් පමණක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 July 2024
ජාතික පුස්තකාලයේ ගින්නක් ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය. 10 July 2024
කොල්ලුපිටියේ ඉඩමක් අවුරුදු 99 කට බදු දෙයි කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් ( පුද්ගලික) සමාගම වෙත නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
විශ්‍රාම වැටුප් බැංකු වලට නිදහස් කළා රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (9) බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය. 10 July 2024
අගමැති මෝදි වියානා නුවර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රියාවේ වියානා නුවරට පැමිණියේය. 10 July 2024
අද 12 ට කලින් නාවොත් හැමෝම ගෙදර අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි. 10 July 2024
ඉන්දියා-පකිස්ථාන හරක් ලංකාවට ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා එළදෙනුන් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබේ 10 July 2024
සුව සැරියට අලුත් ගිලන් රථ 95ක් 1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
පුළුවන් වෙලත් වැටුප් නොදෙන වතු මට්ටු කරන්න නීතියක් හැකියාව තිබියදීත් වතු කම්කරුවන් වෙත නියමිත වැටුප නොගෙවන ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණිස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 10 July 2024
පාසල්- රෝහල් බාධා නැතිව ගෙනයන්න නව නීතියක් පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල් වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
ධුර කාල අවුල ලිහන්න ව්‍යවස්ථා සංශෝධනයක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
දරු තිදෙනා පොලීසියට දී කෝච්චියට පනින්න ගිය මවගේ උත්සාහය වරදී තම දරුවන් තිදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කළ තිදරු මවක් පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහලට ඇතුළු කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබේ. 10 July 2024
හොරෙන් ඕස්ට්‍රියාවට යන්න ගිහින් මාට්ටු අන්සතු මැලේසියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕස්ට්‍රියාවේ වියානා නුවර වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 July 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 July 2024
දුම්රිය සේවා අඩපණ වෙයි :මගීහු මහ මඟ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනයෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීහු දැඩි අපහසුතාවයට පත් වූහ. 10 July 2024
කොලොන්නේ වෙඩි තැබීමක්:අයෙක් මරුට කොළොන්න උල්ලිදුවාව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොළොන්න පොලීසිය පැවසීය. 09 July 2024
ගුවන් අනතුරු දෙකකට බෝයිං සමාගම වරද පිළිගනී මගීන් 346 දෙනකුට මරු කැඳවමින් 2018 සහ 2019 වසරවලදී සිදුවූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අනතුරු දෙක සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 09 July 2024
මහින්දානන්දගේ කැරම්බෝඩි නඩු තීරණය අනිද්දා ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධ නියෝගය 11 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 09 July 2024
තැපැල් වර්ජනයෙන් තැපෑල හිරවෙයි තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි. 09 July 2024
වැඩ වරන දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකවරු ගෙදර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී හෙට (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසයි. 09 July 2024
නීතිපති පත්වීම ගැන ජනපති ලේකම්ගෙන් නීති සංගමයට ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ. 09 July 2024
ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේ දී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි. 09 July 2024
අද රෑ නවතින දුම්රිය ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09)දා රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 09 July 2024
විදුලි සංදේශ(සංශෝධන) පනත අවිවාදයෙන් සම්මත වෙයි ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන පාර්ලිමේන්තුවේදී අද(09)දා පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 09 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025