කටුනායක වීසා පෝලිම අඩු වෙලා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය. 27 September 2024
විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි. 27 September 2024
ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරයට ගෙන්වා ගෙන, එම ව්‍යාපාරිකයා සතු රුපියල් ලක්ෂ 9ක මුදලක් කොල්ලකා පලා ගිය කොල්ලකරුවන් පිරිසේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 27 September 2024
අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ගොනු කළේය. 27 September 2024
වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබේ. 27 September 2024
වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ. 27 September 2024
සජබේ මහ පුටු වෙනසක් සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ. 27 September 2024
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ. 27 September 2024
රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි. 27 September 2024
නතර වූ ජපන් ව්‍යාපෘති යළි අරඹයි ජපාන රජයේ ආධාර යටතේ ඇරැඹී දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ශ්‍රී ලංකාවෙි ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා ජනාධිපති ලේකම්වරයා හමුවේ පවසා තිබෙි. 27 September 2024
නෝටන්බ්‍රිජ් විදුලිපුර සිංහල විද්‍යාලය තාවකාලිකව වහයි නායයාමේ සහ ගල් පෙරලිමේ අවදානමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් විදුලිපුර සිංහල මහා විද්‍යාලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත අද (28) තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිනි සුසන්ති මාලනි කුමාරි මහත්මිය පැවසිය 27 September 2024
ඛනිජ තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස මුතුරාජවෙල පර්යන්තයේ බෙදා හැරීමේ කළමණාකාර ඩී.ජේ.රාජකරුණා මහතා පත් කර තිබේ. 27 September 2024
ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල පවත්වා ගැනීමට තීරණය කළේය. 27 September 2024
ඇමරිකා ජනපති අනුරට සුබ පතයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ. 27 September 2024
ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩංගුවට ගෙන ඇතැයි නූංගමුව පොලිසිය කියයි . 27 September 2024
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. 27 September 2024
වැස්ස වැඩිවෙයි ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 September 2024
දේශපාලකයන් පාසල් උත්සව වලට එපා දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය. 27 September 2024
ජනපතිට ලෝක බැංකුවේ සහාය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. 27 September 2024
හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් පැවැසෙයි. 27 September 2024
සටන් විරාමයකට උනන්දුවක් නෑ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විදෙස් මාධ්‍ය පවසයි. 27 September 2024
දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත වීමට සාකච්ඡා අරඹා ඇත. 27 September 2024
මැති ඇමැති බංගලා වහා බාර දෙනු හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට අද ලිඛිතව දැනුම් දී ඇත. 27 September 2024
හිටපු මන්ත්‍රී සහන් කලබල වී ලක්ෂ 50 ගෙවා දමලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහු බස්නාහිර පළාත් සභාවට ගෙවා අවසන් කර ඇත. 26 September 2024
ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත. 26 September 2024
චීන 75 වැනි ජාතික දින උළෙලින් ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. 26 September 2024
යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබවූ මෙරට විශ්‍රාමික හමුදා ප්‍රධානියකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය. 26 September 2024
මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 26 September 2024
මංගලගේ ආරක්ෂකගේ නිවසින් ගිනි අවියක් හමු වෙයි දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ 12 ක් අද (26) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 26 September 2024
විපක්ෂ පොදු සන්ධාන සාකච්ඡා ධනාත්මකයි විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී එක ලකුණක් යටතේ තරග කිරීම සම්බන්ධ සාකච්ඡා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද (26) පැවැත්විණි. 26 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026