වැඩ වර්ජනය නොකළ නිලධාරීන්ට වැටුප් වර්ධක-උසස්වීම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 09 July 2024
තහනම් මූල්‍ය ආයතන දෙකක පුද්ගලයින් අත්අඩංගුවට ගන්න නියෝග රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළේ යැයි කියන ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනය තහනම් කිරීමෙන් පසුව ’’සයිබර් එරර්’’ හා ’’කොයින අයි. එම්’’ නමින් පිරමීඩාකාර මූල්‍ය ආයතන දෙකක් ආරම්භ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලීසියට නියෝග නියෝග කරමින් දන්වා සිටියේය. 09 July 2024
වතු කම්කරුවෝ 1700 ඉල්ලා කොළඹ විරෝධයේ ආණ්ඩුව අනුමත කළ වතු කම්කරුවන්ගේ රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරී සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) පැවැත්වූහ. 09 July 2024
අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘හිමිකරු ඇතුළු හතක් අත්අඩංගුවට අතුරුගිරිය නගරයේ ආරම්භ කළ ටැටූ මධ්‍යස්ථානයක් තුලදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හොවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 09 July 2024
‘ක්ලබ් වසන්තගේ‘ ඇඟේ උණ්ඩ අටක් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ. 09 July 2024
අයිතිකරුට හොරොන් වෙනත් ගිණුමකට මුදල් මාරු කළ ස.බැංකු කළමනාකරු මාට්ටු ගිණුම් හිමිකරුගේ අනු දැනුමකින් තොරව කෝටි දෙකක මුදලක් වෙනත් ගිණුමකට බැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 09 July 2024
වැරදි අංක පෙන්වා මණ්ඩලේ ජනතාවගෙන් 15000ක් උදුරාගෙන වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල් 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය . 09 July 2024
නිතී විරෝධිව ගෙන ආ බිඩී කොළ සමඟ තිදෙනෙක් අල්ලයි මන්නාරම වංකාලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 2888 ක තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු අද(9) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 09 July 2024
කෝටියක ‘අයිස් ‘ සමඟ දෙන්නෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10 ක මුදල් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කොටහේන සුපිරි වෙළද සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 09 July 2024
ජංගම දුරකතන හබේට අයෙක්ට පිහියෙන් ඇන මැරූ තිදෙනා මාට්ටු ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි. 09 July 2024
අස්වැසුම දෙවන සංගණනට දින දෙයි “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. 09 July 2024
’’අංගොඩ’’කතාවකට පාර්ලිමේන්තුවේ හබයක් නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 09 July 2024
නිතී විරෝධිව ගෙන ආ උරගයින්-පක්ෂින් සමඟ පහක් අල්ලයි මිගමුව හා කොච්චිකඩේ ධීවරයින් පිරිසක් බහුදින යාත්‍රාවකින් මෙරටට නීති විරෝධී ලෙස රැගෙන එමින් තිබු උරගයින් හා පක්ෂීන් විශාල පිරිසක් නාවික හමුදා බුද්ධී තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සුරක්ෂා නෞකාව බාරයට ගැනිමට සමත් ව තිබේ. 09 July 2024
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’ අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න වැඩසටහන සමඟ 2022 නොවැම්බර් 18 වන දින සම්බන්ධ වී අදහස් බෙදා ගත්තේය. 09 July 2024
‘ජනපති බලන්නේ ඔරුවෙ මොන පැත්ත පෙලුනත් ගොඩ යන්න‘ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔරුවේ මොන පැත්ත පෙරලුනත් ඒකෙන් ගොඩ යන්නට බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 July 2024
ගුරු හිඟය ඇති වුනේ උසාවි ගිය අය නිසයි උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල් වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 July 2024
’’තාරා දෙව්දුව’’ ලංකාවට එයි දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 09 July 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීම නිසා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 09 July 2024
අයේෂා කැපුවේ කාන්තාවන්ට සලකන්නද නීතිපති තනතුරට ජේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම ඇති අයේෂා ජිනසේන මහත්මිය ඒ තනතුර නොදී හැලුවේ කුමන පදනමක් මතදැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළාය. 09 July 2024
අල්ලස් ගත් අයි.පී - පී.සීගේ ඇප ඉල්ලීම විසිවෙයි රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් ලබන 23 දින දක්වා බන්ධනාගාරගත කිරීමට අද(09) නියෝග කළේය. 09 July 2024
ගොවීන්ට තුවක්කු දෙන අක්කර ගාන වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 5 සිට අක්කර 2 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. 09 July 2024
අලි සබ්රී රහීම්ට විවෘත වරෙන්තුවක් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තිර් අලි සබ්රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විවෘත වරෙන්තු නිකුත්කළේය. 09 July 2024
අල්ටෙයාර් නිවාස සංකීර්ණයේ සිසුවාගේ-සිසුවියගේ මරණය සැකයි කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා අවසර ලබා ගැනීමට පැමිණි සිටි නීතිඥ අසංක දයාරත්න මහතාට දැනුම් දුන්නේය. 09 July 2024
රුසියන් යුක්රේන යුද්ධයට යුද පිටියේ විසඳුම් නැහැ දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. 09 July 2024
සම්පන්දගේ පුටුවට ආ කුගදාසන් දිවුරුම් දෙයි හිටපු විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු කදිර වේලු සම්මුගම් කුගදාසන් මහතා කතානායක මහින්දයා යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 09 July 2024
නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්‍රමසිංහ විසින් නිහඬව බාරගෙන නිවැරදි කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත ගාල්ලේ දී පැවසීය. 09 July 2024
සැක ලෙස මිය ගිය 16 දැරියකගේ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබී මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්ව සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගැනීමට හැකිවූ බව නිවිතිගල පොලීසිය කියයි. 09 July 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 July 2024
‘ටැටු‘ හිමිකරුගේ ගිණුමෙන් හෝඩුවාවක් ? ඩුබායිවල සිටින සිය මිතුරන් තමන්ගේ ටැටු ආයතනයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා සිය ගිණුමට ලක්ෂ 10ක් බැර කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය. 09 July 2024
රුසියාවට ගිය මෝදිට මහ ඉහළ පිළිගැනීමක් දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. 09 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025