
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඇල්ල රාවණාඇල්ල වන රක්ෂිතයේ ඇල්ල රොක් කදු රක්ෂිතය පුරා දින තුනක් තිස්සේ පැතිර ගිය ගින්න නිවී ඇති අතර ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයේ ඉහල කදු මුදුනේ පිහිටි ගල්පර්වත රත්වී ඉරිතලා පුපුරා යාම නිසාවෙන් එම ගල්පර්වත පහල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් මතු වී ඇති හෙයින් රථ වාහන පැදවීමේදී රියදුරන් ට දැඩි විමසිල්ලෙන් අවදානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව රියපදවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (16) දැනුම් දී සිටියහ .
පසුගිය 13 දින පස්වරුවේ ඇල්ල රාවණාඇල්ල රක්ෂිතයේ අධි සංවේදී කලාපයක්වන ඇල්ල රොක් කදු මුදුනේ හටගත් ගින්න සුලං සහ දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ ගින්න සීග්‍රයෙන් ඇල්ල රොක් කදු රක්ෂිතයේ පැතිර යන්නට වූ අතර ,ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයට අයත් අක්කර 600 ක පමණ භූමි ප්‍රමාණයක් මුලුමනින්ම විනාශවී ගිය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු විසින් රාවණාඇල්ල වන රක්ෂිතයට මෙසේ ගිනිතබන්නට ඇතැයි සැකකෙරේ .
නමුත් පැවති සුලං සහ ගින්න අධික කදු බෑවුම් සහිත ප්‍රදේශයේ පැතිර යාම නිසාවෙන් එම ස්ථානයට ළඟා වීමට ඇති අපහසුතාව, දුෂ්කර බව නිසාවෙන් එම කටයුතු වලට බාධා සිදුව තිබිණැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .
මෙම ගින්නට හසුව රක්ෂිතයේ වටිනා දුර්ලභ ගනයේ ඖෂධ වර්ග , ගස්කොළන් විනාශ වී වනසතුන් මියයන්නට ඇතැයිද පරිසරවේදීහු පවසති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන් මතම යැපෙන්න යන රටාවක සියලු පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සහ ක්‍රමවේද සහ දැඩි නීති පැනවිය යුතුයි. දැන් USAID නැති නිසා පරිසරයෝත් නිහඬව ඉඳීවි.
ආණ්ඩු මාරුවත් සමඟ ව්‍යසනයෙන් ව්‍යසනය...
ගින්න මැඩපැවැත්විමට මුදල් වැයවන නිසා හෙලිකොප්ටර නොයෙදු 159 1 මහාචාර්නය නඩයේ තවත් වික්‍රමයක්.....