(මනෝප්‍රිය ගුණසේකර)
ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ ගොනුකර ඇති චෝදනා නීතිවිරෝධී බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා එක්ස්ප්රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරු ගොනුකළ අභියාචනා පෙත්සම් තුනක විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද ආරම්භ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලණී.
එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා, එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගම සහ එහි අධ්‍යක්ෂවරු ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරය නම් කර ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ එම නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි ඇතුළු අටදෙනකු විත්තිකරුවන් කරමින් නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇතැයි පෙත්සම්කරුවෝ සඳහන් කරති.
එම නඩුව විභාගයට ගත නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කිරරීම නිසා මහාධිකරණය නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර අදාළ ප්‍රතිශෝධන පෙත්සමට අවසර දීමට තරම් නීතිමය පදනමක් හෝ කරුණු නොමැති බවට තීරණය කරමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් නොකරම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණී.
ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව එරෙහිව පෙත්සම්කරුවන් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එක්ස්ප්රස් පර්ල් කපිතාන් - සී. කොන්සෝටියම් සමාගමේ පෙත්සම විභාගෙට