(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා විසින් රැගෙන ගිය ටී 56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 30 සමග සැකකරුවකු අද (17) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක පුද්ගලයෙකි.
සැකකරු නිවෙස පිටුපස එම ගිනි අවිය සහ උණ්ඩ තොගය වළදමා තිබියදී ගල්කිස්ස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණි.
ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයකු රාජකාරියට යන මුවාවෙන් පොලිස් ස්ථානයේ තිබූ අවි ගබඩාවෙන් ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් රැගෙන ගොස් තිබූ අතර ඒ පිළිබදව කිසිදු සටහනක් නොදා රැගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයා රාජකාරියට යන මුවාවෙන් ගිනි අවිය සහ උණ්ඩ තොගය රැගෙන ගොස් රාජකාරී ස්ථානයට වාර්තා නොකර ඩුබායි රාජ්‍ය්‍යට පලා ගොස් තිබූ පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඩුබායි රාජ්‍යයට පලාගිය සැකකාර කොස්තාපල්වරයාගේ පෙම්වතිය කියන නැටුම් ගුරුවරියකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මුලස්ථාන පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරික්ෂක දිලිප් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රට පැන්න කොස්තාපල්ගේ ගිනි අවිය සොයාගනියි