කෝටි හතක ‘අයිස්‘ ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ , සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .