
(නිමල කොඩිතුවක්කු)
ග්‍රාමිය මාර්ග 1800ක් වසර අවසන් වීමට පෙර සංවර්ධනය කරන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිතුවරයාගේ උපදෙස් මත මිලියන 5,000ක අමතර මුදලක් රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබා දී ඇති බවත් ඉලක්කගත සංවර්ධනයක් තුළින් ජනතාවගේ ජීවිත ලස්සන කරවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අවිස්සාවේල්ල ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දකුණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මීට සමගාමීව දිවයින පුරා ස්ථාන 57ක දී ග්‍රාමිය මාර්ග ව්‍යාපෘති 57ක වැඩකටයුතු ආරම්භ කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කියවන දේ දෙවියන් වහන්සේගේ කනට
කන්ටේනර් 323 ඒවා පන්නලා අරන් යන්න ලේසි වෙන්නද?
අපේ ගමේ පාර ගෙලිඔය පාහින්ගමුව මාර්ගය කිලෝමීටර් 3 යි තියෙන්නේ කදු නෑ පල්ලන් නෑ මහවැලි ගඟ දිගේ යන්නේ වැලි පොලවල් 5 හක් විතර තියනවා පවුල් 500 වැඩියෙන් ජීවත් වෙනවා.... ආණ්ඩු එනවා වනවා සල්ලි පාස්වෙනවා පාරටනම් දෙයියන් ගේම පිහිටයි.... මෙදා පාරවත් මේක හදලා දෙයිද?.