IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ජීවය මැරුණු සමාජයට යළි ජීවය දිය හැක්කේ බුද්ධ දර්ශනයටයි

(අංජුල මහික වීරරත්න)

මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.

ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණ.

අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාරධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

 



අදහස් (13)

ජීවය මැරුණු සමාජයට යළි ජීවය දිය හැක්කේ බුද්ධ දර්ශනයටයි

Niranga Saturday, 21 June 2025 09:24 PM

සමහර චීවර ධාරීන් අතරත් හොරු ඉන්නවා මුවා වෙලා...

:       98       5

කෙහෙළිය ගොක්කොලවැල්ල Saturday, 21 June 2025 09:46 PM

අපේ හාමුදුරුවනේ, මම නම් දන්නා ජීවයකුයි, දර්ශනයකුයි නෑ, හැබැයි හැම රෝහලක් ඉදිරිපිටම මල් ශාලාවක් තියෙන බව නම් දන්නවා. ඒ මැරුණු ජීවයේ අවසන් කටයුතු ටික කරලා දෙන්න. මං ගෙනාපු බෙහෙත් ගත්තොත්, ඔය දර්ශණයට වැඩිය ඉක්මණින් නිවන් යන්න පුළුවන්. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

:       57       3

JayasekaraMonday, 23 June 2025 09:46 AM

සර්පයා වැරදි තැනින් අල්ලගත්තොත් ඔහොම තමා... බුද්ධ දර්ශනයත් එහෙමයි... තමන් කැමති විදිහට අල්ලගන්න පුළුවන්, හැබැයි මාර්ගය දේශනා කරලා තියෙනවා හරියටම... අතුරු පාරවල් වල හැරිලා මන්මුළාවෙන්නෙ නැතිව... හරි මාර්ගයෙන් යන එක තමන්ගේ වැඩක්.

:       0       22

මාලිමාගැත්තා Sunday, 22 June 2025 12:39 AM

ඒ වුණාට තමන් නිර්ආගමිකයි. කට උල්කර ...

:       1       44

සුරංග දේශප්‍රිය Sunday, 22 June 2025 06:45 AM

රටේ ජීවනාලිය දරු පරපුරයි. දරුවන්ගේ සදාචාරාත්මක ගුණ දහම් වර්ධනය කිරීමට දහම් පාසල මහෝපකාරී වේ. දරුවන්ට දහම් පා දහම් පාසල සිදු කරන්නේ ප‍්‍රශංසනීය මෙහෙයකි. එහෙත් අද වන විට ඉරු දින දහම් පාසල් සඳහා දරුවන් යොමුවීමේ ප්‍රවණතාවය අඩු වෙමින් පවතී. සෑම දරුවෙකුටම තම ආගමට අදාලව ඉරුදින දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළයුතු කාලය එළඹ ඇත. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වෙතින් සැළසුම් සකස් කළ යුතුයි.

:       1       24

යෝගා Sunday, 22 June 2025 09:52 AM

නිරාගමිකයෙක් එසේ පැවසීය. පැරදුණාම මහණ වෙන්නත් පුළුවන් මේ විදියට...

:       3       30

Isuru Chathuranga Sunday, 22 June 2025 10:21 AM

දවසක් චාමර දුකට හැඬුවේ මේ වෙහෙර මළුවේදී නේද?

:       15       0

Marikkar Sunday, 22 June 2025 01:39 PM

කතාව නම් හරි ලස්සනයි...

:       1       29

prasanna Sunday, 22 June 2025 01:50 PM

සම්පූර්ණ ඇත්ත, ලංකාවේ ජීවය දෝරෙ ගලනවා.

:       10       4

Gavin Monday, 23 June 2025 12:18 AM

මෙවැනි ගජබින්න වලින් කෝටියක් විතර ඇද බාලා තමයි ඔතෙන්ට ආවේ.

:       1       25

Nishan Monday, 23 June 2025 04:14 AM

පිරිත් නූලාක් බැන්දද? පන්සලෙන් පිටවෙනකොටම කඩලා විසි කලාද? ජීවය තමයි එහෙම කඩලා විසි කලේ.

:       0       27

බද්රානි Monday, 30 June 2025 01:29 PM

ජනාධිපතිතුමා, නියම තැනදී, හරිම අයට තමයි නියම බණ ටික කියලා තියෙන්නේ... මේ සමාජය මේ තරම්ම පිරිහීමට ලක්කළ ප්‍රධාන පාර්ශවය තමයි මේ... බඩ ගෝස්තරය වෙනුවෙන් උතුම් බුදුදහම පාවිච්චි කරමින් සිරුරට මුවාවෙලා නටන නාඩගම් වලින් ලාංකික සමාජය කොතරම් පිරිහීමකට හා දූෂණයකට ලක්වී ඇත්ද..? අත්හැරීම ගැන වැදි බණ දෙසමින් දායකයින්ව"ශ්‍රද්ධාව රවටා, සියල්ල රැස් කරගැනීම ගැනීම තමයි මේ චීවරධාරීන්ගේ එකම පරමාර්ථය... ඉතාම මෑත කාලයේ මිහින්තලේ පැත්තෙන් ලොවටම ප්‍රදර්ශනය කළා. දහම් පාසල, ටියුෂන් කඩයක් බවට මුලින්ම පත්කළේ පන්සලේ බව දැන් ගොඩාක් අයට අමතක වෙලා නේද..? "ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමිවෙලා" මදිවට, ඇස් දෙකත් අන්ධ වෙලාද මන්දා බෞද්ධයින්ට ඇස් දෙකට පෙනෙන මේ යතාර්ථය නොපෙනෙන්නේ... බලන් කඩතුරා හැර දෑසේ...!!!

:       3       11

My Portfolio Tuesday, 22 July 2025 09:49 AM

එතකොට අනුර කුමාර ඔයා කිව්වා නේද දවසක්...? අර මොකද අන්තිමට කාගේදෝ නවාතැන් පළ වෙන්නේ ඔන්න ඔතැන කියලා. අන්න ඒක ආයෙත් දාන්නකෝ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 229 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16058 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site