මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නට ජාතික ජනබල වේගය සමත් වී තිබේ. 07 May 2025
සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය 07 May 2025
භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 07 May 2025
ප්‍රසන්න රණවීර රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනාද සිල්වා මහත්මිය නියෝග කළාය. 07 May 2025
‘නව ගමනකට මුලපුරනවා‘ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 07 May 2025
මොනරාගල ප්‍රා.ස. ජය ජාජබට මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය. 07 May 2025
කුලියාපිටිය නගරසභා වැඩිබලය විපක්ෂයට කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි. 07 May 2025
පොල්ගහවෙල බලය ජාජබයට පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි. 07 May 2025
මහනුවර මහා නගර සභා බලය ජාජබට මහනුවර මහා නගර සභාවේ සභික ධූර 46 සභික ධූර 24 ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ. 07 May 2025
මාතලේ මහ නගර සභා වැඩි බලය විපක්ෂයට මාතලේ මහ නගර සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව තිබේ. නගර සභාවේ සභිකයින් 22 දෙනකුගෙන් යුක්තය. 07 May 2025
මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. 07 May 2025
කැකිරාව ප්‍රා.ස ජයත් මාලිමාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය සභාවේ සභිකයින් 32 ගෙන් සභිකධූර 16ක් හිමිකරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව ඇත. 07 May 2025
කැබිතිගොල්ලෑවෙත් විපක්ෂයේ බලය වැඩි වේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභික ධූර 18කින් හතක බලය ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. සමගි ජනබලවේගයට අසන හයක්ද, ශ්‍රී ලංකා පොදු ජන බලවේගයට ආසන තුනක්ද, මහජන පෙරමුණ සහ ස්වාධින කණ්ඩායම එක් ආසනය බැගින් දිනාගෙන ඇත. 07 May 2025
හිටපු අමාත්‍ය ප්‍රසන්න බාර වෙයි? කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් ඉඩමක් වංචා සහගත ලෙස විකිනීයැයි වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද අධිකරණයට බාර වූ බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි. 07 May 2025
අනුරාධපුර මහ නගරසභා ජය ජාජබට අනුරාධපුර මහ නගර සභාවේ සභික ධූර 26 න් සභිකධූර 15ක් හිමිකරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ. 07 May 2025
කොළඹ මහ නගර සභාවෙත් බලය විපක්ෂ කණ්ඩායම්වලට කොළඹ මහ නගර සභාවේ සභික ධූර 117 සභික ධූර 48ක් ලබා ගැනීමට ජාතික සමගි ජනබලවේගය සමත්විය. විපක්ෂයේ සෙසු කණ්ඩායම් සභික ආසන 69 දිනා ගත්හ. 07 May 2025
හැටන් ඡන්ද ගණන් කිරීමේ ස්ථානක කලබල කරලා හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡනද ගණනය කිරිමට එම ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරින්ට සිදු විය. 07 May 2025
නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයකුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය කියයි. 07 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026