IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ෆේස්බුක් සේවකයෝ ට්‍රම්ප්ට සකර්බර්ග් විරෝධය පාති

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතාව කුපිත කරවන ෆේස්බුක් සටහන් ඉවත් නොකිරීමට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කිරීමත් සමඟ එම සමාගමේ සේවකයන් අතිබහුතරයක් සිය රාජකාරිවලින් ඉවත් වී ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සටහන් ඉවත් නොකරන බවත් එය හොඳින් විමසා ගත් තීරණයක් බවත් ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මෙන්ම එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පැවැසීය.

සිය සේවකයන් සමඟ පැවැති ප්‍රශ්නෝත්තර වැඩසටහනකදී මාර්ක් සකර්බර්ග් ඒ බව පැවැසීය. විඩියෝ තාක්ෂණය ඔස්සේ එම වැඩසටහන පැවැත්විණි.

මෙවැනි අර්බුදයක් ට්විටර් සමාජ ජාලය සම්බන්ධයෙන් ද පැන නැඟුණු අතර ඒ අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප්ගේ එක් ටිව්ටර් පණිවුඩයක් ඉවත් කිරීමට ට්විටර් සමාජ ජාලය පියවර ගත්තේය. ට්විටර් සමාජ ජාලය ලෝක නායකයකුගේ මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයකුගේ ට්විටර් පණිවුඩයක් ඉවත් කළ පළමු අවස්ථාව එය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

‘‘තමන් මේ තීරණය ගත්තේ හොඳින් විමසා බලා. අපි ජනාධිපති ට්‍රම්ප්ගේ ෆේස්බුක් සටහන් ඉවත් කරන්නේ නැහැ.’’ යැයි මාර්ක් සකර්බර්ග් කීය.

ෆේස්බුක් සමාගමේ සේවකයන් සියල්ලම පාහේ එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ තීරණයට සිය විරෝධය පළ කර ඇති අතර තවත් සේවකයන් පිරිසක් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා අස් වී ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව ද මාර්ක් සකර්බර්ග් එහිදි සිය සේවකයන්ට පවසා ඇත.

පසුගිය කාලය පුරා ෆේස්බුක් සමාගම ඇතුළු සමාජ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් විශාල පිරිසකගෙන් ඒවාට චෝදනා එල්ල වී තිබිණි. ජනතාව කුපිත කරවන, ප්‍රචණ්ඩත්වය, වර්ගවාදය සහ ජාතිවාදය පතුරන සටහන් හා පණිවුඩ ඉවත් කිරීමට එම සමාජ මාධ්‍ය ජාල පියවර නොගන්නා බවට අතිවිශාල පිරිසකගෙන් එම සමාගම්වලට චෝදනා එල්ල විණි.

ශ්‍රී ලංකාවේ ඇති වූ ඇතැම් ගැටුම්කාරී අවස්ථා සම්බන්ධයෙන් පියවර ගැනීමට ද ෆේස්බුක් සමාගම අපොහොසත් වූ අතර ෆේස්බුක් සමාගම මෑතකදී ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ද ලොවපුරා දේශපාලනඥයන්, විචාරකයන්, මාධ්‍යවේදීන් සහ ඒවායේ පරිශීලකයන්ගෙන් ද ඔහුට දැඩි විවේචනයක් හා විරෝධයක් එල්ල වී ඇත.

‘‘හොරකම් කරන්න පටන් ගත්තාම වෙඩි තියන්නත් පටන් ගන්නවා’’ යනුවෙන් ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

055

 



අදහස් (5)

ෆේස්බුක් සේවකයෝ ට්‍රම්ප්ට සකර්බර්ග් විරෝධය පාති

Prabha Wednesday, 03 June 2020 04:33 PM

ලොක්කා පිස්සු වැටිලා වගේ ඉන්නේ ...

:       0       38

chandima Wednesday, 03 June 2020 05:44 PM

මෙයා ට්‍රම්ප්ගේ බෑනාගේ මාමගේ පුතා වෙන්න ඇති....

:       30       70

Mr. Don Thursday, 04 June 2020 02:02 AM

විරුද්ධත්වය අනුමත කරමු.

:       1       6

Dhammika Thursday, 04 June 2020 11:47 AM

‘හොරකම් කරන්න පටන් ගත්තාම වෙඩි තියන්නත් පටන් ගන්නවා" කියන්න පුළුවන් කොන්දක් තියන නායකයින්ට පමණයි. සකර්බර්ග් ඇතුළු හිලරිගේ සුරතලුන් හැමෝටම ඕන වෙලා තියෙන්නේ එළඹෙන ජනපතිවරණයෙන් ට්‍රම්ප්ව පරාජයකරන්න. මේ පසුබිම සකසන්නේ එ්කටයි..

:       1       26

Asanka Saturday, 06 June 2020 07:46 AM

ධම්මික හරියට හරි , ඔය ප්‍රධාන ජනමාධ්‍ය සේරම වැඩකරන්නේ හිලරිගේ බලයට සහ රොකෆිල්ඩ් ලගේ සල්ලි වලට. අප දැක්ක ස්වාධින මාධ්‍යවේදීන් පෙන්වනවා පොලිසියේ අයම කලහකාරයෝ වගේ ඇඳගෙන පොලිස් ට්‍රක් එකකින්ම ගඩොල් ගොඩක් බාන හැටි පොලිසියට සහ සාමාන්‍ය මිනිසුන්ගේ ව්‍යාපාර වලට පහරදෙන්න. බොරු නම් අන්තර්ජාලයේ හොයා බලන්න. ඔය ගල් ගහන වෙඩි තියන ඇන්ටිෆා කල්ලිය හිලරිගේ මිනිස්සු. එය එක්පොස් කරලා තිබ්බ එක මාධ්‍ය වෙදියෙක් , ට්‍රම්ප් මේ බව දන්නා නිසා තමයි වෙඩි තියන බව කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site