(ඉන්දිකා රාමනායක)
කෙසෙල් ගෙඩි කිහිපයක් අඩංගු පාර්සලයක සිය නම සහ ඡායාරූපය ඇතුළත් කර ගංවතුර ආධාර වශයෙන් බෙදා හැර ඇති බවට සඳහන් කරමින් සමාජ ජාල වෙබ් අඩවියේ පලවන අසත්‍ය ඡුයාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
අමාත්‍යවරයා ලිඛිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය ෆේස්බුක් සමාජ ජාලය වෙබ් අඩවිය හරහා තමන් වෙත එල්ල කළ මඩ ප‍්‍රහාරයක් බවත් මෙය ද්වේශ සහගත ලෙස කිසිවකු තමන්ට කළ අපහාසයක් බවත් ය.
තමන් සිය නම සහ ඡායාරූපය ඇතුළත් කරමින් කෙසෙල් ගෙඩි පාර්සල් බෙදා දීමක් සිදු නොකළ බවත් එයට ගාල්ලේ ජනතාවද සාක්කි දරන බවත් ඔහු සදහන් කළේය.
සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10ක් වටිනා ප්‍රශ්නගත V8 සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටු
මෙවර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී වම් අතෙහි දබරැගිල්ලේ තීන්ත ආලේපනය කිරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නායක මහ
මහ මැතිවරණට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2580ක් දක්වා වැඩි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ධර්මකීර්ති ශ්‍රී භාෂාන්තර විශාරද ගෞරව නාමයෙන් සහ ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන තවලම ධම්මික හිමියන් වෙත ආශිර්වාදය පළ කිරිමේ ස
ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ ද
කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆේස්බුක් අසත්‍ය ප්‍රතිචාරය ගැන ගයන්තගෙන් පැමිණිල්ලක්
Danushka Monday, 05 June 2017 12:41 PM
බොරු නෙමෙයි මේක ඇත්ත අපිත් කෙසෙල්ගෙඩි ගිලලනේ ඉන්නේ...
athuraTuesday, 06 June 2017 03:59 AM
ඔබ කියනවා නම් ඇත්ත කියල ඔයාට පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න.
channa Monday, 05 June 2017 01:32 PM
මේවා නාමල් මහත්තයාවත් මේගැන දන්නවද දන්නෑ නේද?
sunil wijesena Monday, 05 June 2017 07:12 PM
මිනිස්සු නොමග යවන්න එපා...
sam Tuesday, 06 June 2017 02:28 AM
අපිත් හිතන්නේ නැහැ ගයන්ත මහතා මේ වගේ වැඩක් කරයි කියලා. 100% විශ්වාසයි. මේක අනිවාර්යයෙන් මඩක්.
ධම්ම Tuesday, 06 June 2017 07:13 AM
දේශපාලකයින්ගේ ඔව්, නෑ සහ බෑ යන්න අප තේරුම් ගත යුත්තේ නොපිටටයි.
gayantha Wednesday, 07 June 2017 09:52 AM
අනේ මන්දා... කෙහෙල් ගෙඩිය බෙදන්න හොඳයි. ඒක කව්රුහරි කිව්වහම වැරදියි. මේ ගොල්ලන්ට විතරක් පුදුම නීතියක්නේ තියෙන්නේ...