විනිතා එම් ගමගේ
    ශ්‍රී ලංකාව මේ වන විට ළමා ශ‍්‍රමය තුරන් කළ රටක් බවට පත් වෙමින් සිටිතැයි කම්කරු හා වෘත්තිය සබ`දතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේය.
    ලක්ෂ 46 ක් වූ මෙරට ළමා ජනගහනයෙන් මේ වන විට ළමා ශමිකයන් බවට පත්ව සිටින්නේ සියයට එකක් පමණක් වන බවත් අනතුරුදායක රැුකියාවල යෙදෙන්නේ එම පිරිස අතරින් සියයට දශම 9 ක් පමණක් බවත් අමාත්‍යවරයා ස`දහන් කළේය.
    කම්කරු දෙපාර්තමේන්තුව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව කළ සමීක්ෂණයකදී මෙම සංඛ්‍යාලේඛන හෙළි වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
    අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයස අවුරුදු 16 ක් බවට පත් කිරීම කෙරෙහි මේ වනවිට අධ්‍යෘපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි පැවැසූ සෙනෙවිරත්න මහතා ඒ අනුව ළමා මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබ`ද නීති ද  වෙනස් කරන්නට සිදුවනු ඇතැයි ද කීය.
කම්කරු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉකුත් දා කොළඹ පැවැති කම්කරු කොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් අමතමිනි