(සුමතිපාල දීයගහගේ)
හබරාදුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ළමා නිවාසයක නේවාසික බාල වයස්කාර දැරියන් පස් දෙනෙක් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ සේවකයෙක් අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි.
හබරාදුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන සැකකරු ළමා නිවාසයේ සිටින පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙක්, දහතුන් හැවිරිදි එක් දැරියෙක් සහ එකොළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙක්ද මාසයක කාලයක් තිස්සේ වරින්වර අපයෝජනය කර ඇති බව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය ළමා නිවාසයේ සහකාර පාළිකාවටද දැන ගැනීමට ලැබීමෙන් පසුව ඇය දැරියන්ගෙන් මේ පිළිබද විමසා ඇත. එහිදි සේවකයාගෙන් දැරියන්ට සිදුවන අතවර පිළිබඳ තොරතුරු හෙළිවිම නිසා හබරාදුව පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (5) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
පිරිමි සේවකයෙක් ගැහැණු ළමා නිවාසයක සේවයට යොද වන්නෝ අමු මැට්ටෝ නොවේද? ගැහැණු ළමා නිවාසයක සේවයට පිරිමි සේවකයෙක් යෙදවූ තැනැත්තාත් අත්අඩංගුවට ගත යුතුයි.
මෙි වගෙ මිනිස්සු එල්ලා මැරිය යුතුයි. දැන් අපෙ රටෙත් බාල අපරාධ හැමදාම අහන්න සිදුවන්නේ රටෙ නිතියට කවුරුත් බය නැහැ හිරෙ ගියොත් මාසයක් නිවාඩු අරන් එලියට ආපසු කරන්නෙත් ඔය ටිකම තමයි
හිරගෙවල්වල දැන් තියෙන්නේ ස්පෝර්ට් මීට්.. අන්තර් බන්ධනාගාර ක්‍රීඩා තරඟාවලි, දන්සැල්, සෙල්ෆෝන් සහ මත්ද්‍රව්‍ය මගඩි... මීට අමතරව නුවර පාසල් වල ප්‍රධාන අමුත්තාට ගෙන්නන්නෙත් බන්ධනාගාර ලොක්කන්. ඒ අය පාසල් ළමුන්ගේ ඡායාරුප තම ෆෙස්බුකියේ පවා දා ගන්නවා. ඉතින් මිනිස්සු හිරේ යන්න බයවෙයිද?
මව්පියන්,ඥාතීන් නොමැති හෝ විවිද හේතුන්මත ළමා නිවාසයක රැකවරණය ලබන මේ දරුවන්ට කරපු අපරාදයට යාපනය අධිකරණයෙන් මෑතකදී ලබාදුන් බාලවයස් ස්ත්‍රී දුෂකයාට දුන්නා වගේ තීන්දුවක් දෙන්න ඕන, තව මේවගේ අපරාද කරන්න හිතෙන්නේ නැතිවෙන්න.
චෝදනාවලට වැරදිකරු බව උසාවියේදී ඔප්පු වුණොත් ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි !..
මෙවැනි බාල දරුවන් සිටින ස්ථානවල සේවකයන් රැකියාවලට ගන්නා විට ඔවුන්ගේ අතීත අපරාධ, සිරගතවීම් වැනි නයිතික පසුබිම් වාර්තාවක් පොලිසිය මගින් ලබාගන්නා ක්‍රමවේදයක් සකසා ගැනීමට නීති සම්පාදනය කල යුතු වෙනවා ! එම වාර්තා ඔහුගේ " ෆයිල් " එකේ සුරැකිව තබාගැනීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් කරන්නත් ඕන ...