චමිල් රුපසිංහ
බිබිල ඉඟිනියාගල ප්‍රදේශයේ දෙදරු මවකගේ හිස් කබල පසාරු කරගෙන ගිය යකඩ බටයක් මහනුවර ශික්ෂණ රෝහලේදී කළ පැය හයක පමණ ශල්‍යකර්මයක් පසු ඉවත් කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්ය ලෙස්ලි සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් අද (26) සමත්වූහ.
බඳින තුවක්කුවක් පත්තුවීම නිසා එහි ඉදිරිපස යකඩ බටය ගැලවී කාන්තාවගේ වම් ඇසට ඉහළින් නළල ඔස්සේ හිස පසුපස දක්වාම ගමන් ගෙන තිබූ බව වෛද්‍යරු කියති.
ශල්‍යකර්මයට ලක්වූ කාන්තාව මේ වනවිට රෝහලේ ස්නායූ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි සිටියි.
ඇය බිබිල රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාරවලින් පසු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලලෙන් ඇතුල් වෙලා පිටිපස්සෙන් එලියට ඇවිත් තවමත් ජීවත්වෙන්න වරම් ලැබුන එක නම් මහා පුදුමයක්.. අනික තුවක්කු බටයක් වගේ විශාල දෙයක්. අවාසනාවන්ත වුනත් වාසනාවන්ත කාන්තාවක්.
පව් අහිංසක මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි .
වහන්න ඕනෙනම් මේ පින්තූරය මෙතන දාන්න ඕනෙද?