( එච්.චන්දන )
සාලියවැව - නීලබැම්ම කළාඔය රක්ෂිතයේ තිබූ පොලිස් කොස්තාපල්වරයකුගේ බවට සැක කෙරෙන මළ සිරුර සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් හා ඩි.එන්.ඒ පරීක්ෂණයක් පවත්වන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සාලියවැව පොලීසියට නියෝග කළේය.
එම ස්ථානයේ තිබී එම කොස්තාපල්වරයාගේ හැඳුනුම්පත ඇතුළු භාණ්ඩ කිහිපයක් හමු වී ඇත. එම හැඳුනුම්පත ඉකුත් 04 වැනි දා අතුරුදන්වූ බව කියන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරයකුගේ බවට හඳුනාගෙන ඇත. මිය ගිය පුද්ගලයා එම පොලිස් නිළධාරියාද යන්න මෙතෙක් හදුනා ගෙන නොමැත.
මෙය සිය දිවි හානි කරගැනීමක්ද ඝාතනයක්ද යන්න පුළුල් විමර්ශනයක් කර මැයි මස 02 වැනි දා පුත්තලම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසත් සාක්ෂි කරුවන් සියලු දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මරණය සිදුවු ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



2025 දෙසැම්බර් මස 18
599
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිස නැති මළ සිරුර ගැන ඩී.එන්.ඒ පරීක්ෂණයකට නියෝග
de silva Tuesday, 18 April 2017 06:20 PM
පොලිස් රාළහාමි අර සිරිසඟ බෝ රජතුමා කල වගේ සියතින්ම හිස සිඳ හිස දන් දුන්නද කියල කවුද දන්නේ