
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා අද (13) ඉදිරි පත් කරන ලද 2021 වාර් ෂික අයවැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්විය.
මන්ත්‍රී ආසන 20 න් සමන්විත හලාවත නගර සභාවේ බලය මෙතෙක් ශ්‍රිලනිප හවුල් වී එක්සත් ජාතික පක්ෂය හිමි කර ගෙන සිටියහ.
ඒ අනුව සභාපති එජාපයෙන් ද උප සභාපති ශ්‍රීලනිපයෙන්ද පත්වි සිටියහ.
මෙම අයවැය ජන්ද විමසීමේ දි උප සභාපති ශ්‍රීලනිපයේ නිතිඥ සාදිකුල් අමීන් මහතා ද අයවැයට විරුද්ධව ජන්දය පල කර සිටියේය .
ඒ අනුව පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් හය දෙනෙකු පමණක් අය වැයට පක්ෂව ජන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්. රීගන් ප්‍රනාන්දු මහතා මෙම රැස්විමට පැමිණ නොසිටිම ද විශේෂත්වයකි.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ඩබ්ලිව්.ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා මිගමුව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මත මෙම රැස්වීමට කැදවා ගෙන ආ අතර ඔවුන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් සභාවට ගෙනැවිත් වෙනමම ස්ථානයක රදවා තබා තිබිණී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පළාත් පාලන ආයතන කීපයකුත් පරාදයි නේද? ඒවා මේ ආණ්ඩුව බලය පවත්වා ගත්ත ආයතන නිසා පත්තරේ දාන්නෙ නැද්ද?