IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර රත්තරන් උකස් කළ හිටපු ඇමැති ආරක්ෂකයාට වැඩ වරදී


 
මනෝප‍්‍රිය ගුණසේකර 
 
ව්‍යාජ රන් ආභරණ කෝට්ටේ රාජ්‍ය බැංකුවකට උකස් කොට රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවකට වරදකරු වූ අමාත්‍යවරයෙකුගේ හිටපු පෞද්ගලික ආරක්‍ෂ නිලධාරීවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද  (03) නියම කළේය.
 
සිරදඬුවමට අමතරව රුපියල් ලක්‍ෂ තුනක දඩයක්ද   බැංකුවට සිදුවූ පාඩුවට වන්දි වශ්‍යයෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක්ද ගෙවීමට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 07 ක බරපතල  වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
 
මෙලෙස දඬුවම් නියම වුයේ අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ආරක්‍ෂ නිලධාරීවරයකු ලෙස සේවය කළ බව කියන ජයම්පති අළුවිහාරේ නමැත්තාටය.
 
විත්තිකරුට එරෙහි තීන්දුව දෙන අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.
 
2004 පෙබරවාරී මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කෝට්ටේ රාජ්‍ය බැංකුවකට රුපියල් 1,27,678/-ක් වටිනා බව හඟවමින් ව්‍යාජ රන් ආභරණ එම බැංකුවකට උකස් කොට   අදාළ මුදල් වංචා කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා  විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.



අදහස් (0)

හොර රත්තරන් උකස් කළ හිටපු ඇමැති ආරක්ෂකයාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site