(ටී.කේ.ජී.කපිල)
මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (22) කටුනායක ගුවන් තොටුපොළේ අත්අඩංගුවට ගෙන රුපියල් විසි පන්දහසක දඩයක් නියම කර මැණික් තොගය රාජසන්තක කළ බව රේගුව පවසයි.
දොම්පේ , තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයකු මෙම මැණික් තොගය තම ගමන් මල්ලේ සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයා අද උදෑසන 8.30 ට මලින්දෝ ගුවන් සේවයේ ඕ.ඩී - 306 (O.D.- 306) දරන ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මැණික් අතර සැෆයර්, නිල් මැණික් සහ ටැන්සානයිට් යන වර්ග වලට අයත් කැරට් 388 ක් බර මැණික් කැට 78 ක් තිබූ බවත් , ඒවායේ වටිනාකම රුපියල් විසි ලක්ෂ විසි දහස් එකසිය අනූවක් (20,20,190) තිබු බව රේගුව සඳහන් කරයි.
මෙම මැණික් තොගය මීට මාසයකට පමණ පෙර අඩු මුදලකට වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් මිලදී ගෙන තිබූ අතර , ඒවා වැඩි මිලකට විකිණීම සදහා මෙසේ මැලේසියාවට රැගෙන යමින් තිබු බවට පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර පාරෙන් මැණික් ගෙනියන්න හැදු ලාංකිකයා රේගුවේදී හසුවේ