පැතුම් දර්ශන
හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ඉහළ දිවුල් වැවෙ විමලවංශ හිමියන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වා ලිපියක් අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉකුත් (1) බාරදී තිබේ.
පෞද්ගලික හේතුවක් මත සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වා ඉහළ දිවුල් වැවෙ විමලවංශ හිමියන් තමන් වෙත ලිපියක් භාර දුන් බව අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා අප කළ විමසීමේදී පැවසීය.
2011 වසරේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ විමලවංශ හිමියන් 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මරදන් මඩුව මැතිවරණ කොට්ඨාසයට තරග කර ඡන්ද 519 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තාය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ කොට්ඨාස දෙකක් පමණි.
ඒ මරදන් මඩුව සහ අගුනචිචිය යන මැතිවරණ කොට්ඨාස දෙකය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉහළ දියුණුව විමලවංශ හිමියන්ගේ කළ විමසීමේ දී උන්වහන්සේ මෙසේ කීය.
"ආසන සංවිධායකවරයාගේ තිබෙන අඩුපාඩු නිසා සහ ඡන්ද ක්‍රමයේ තියෙන අඩුපාඩු නිසා මහජනතාවට අබමල් රේණුවක සේවයක් කරන්න බෑ. බොරු කරන්න බැරි නිසා මම ඉල්ලා අස් වුණා."යැයි උන්වහන්සේ පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හොරොව්පතාන ශ්‍රීලනිප මන්ත්‍රී විමලවංශ හිමියෝ අස්වෙති
sirimal Wednesday, 06 June 2018 08:45 AM
සිව්පසය සපයාදෙන දායකයනට අර්ථයෙන් ධර්මයෙන් අනුසාශනා කරනවා වෙනුවට භික්ෂුන් වහන්සේලා ජරාජීර්ණ දේශපාලනයට සම්බන්ධ වීමත් ශාසනය අද පවත්නා දුක්ඛදායක තත්වයට පත්වීමේ තවත් එක් හේතුවක්.
faizer Wednesday, 06 June 2018 08:46 AM
හාමුදුරුවනේ... ඔබ වහන්සේට ජනතා සේවයක් කරන්න බැරි බව දැනුන නිසා ඉල්ලා අස්වුණා. හරි කලාතුරකින් මේ වගේ අය දේශපාලනය කරන්නේ. මේ කාරණාව අනිත් දේශපාලනය කරන උදවියටත් අනුශාසනා කරන්න අපේ හමුදුරුවනේ. ඒ අය පුළුවන් තරම් හම්බ කරන්න බලන්නේ සේවයක් කරන්න බැරි බව දැන දැනත්...
Sanath Wednesday, 06 June 2018 09:43 AM
සාධු! සාධු!!! සාධු!!!
රවින් Wednesday, 06 June 2018 12:03 PM
සියලුම පූජකවරු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීම අනිවාර්ය කලයුතුවේ. ඒ වගේම සියලුම දේශපාලන පක්ෂවල ගරුතර අනුශාසකත්වයට සියලුම ආගම්වලට අයත් පූජකවරු පත්වීමද අනිවාර්ය කළයුතුවේ.
kalani withanage Wednesday, 06 June 2018 05:11 PM
" සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුය. නොපමාව දුකින් මිදීම පිණිස කුසල ධර්ම සම්පුර්ණ කරන්න. " ඒ බුදුන් වහන්සේගේ අවසාන අවවාදයයි. නිශ්චිත අරමුණක් නොමැතිව පුද්ගල ආත්මාර්ථය සඳහාම පමණක් කරන දේශපාලනයට ඔබ වහන්සේලාට තරම් නොවේ. ඔබ වහන්සේ යහපත් මිනිසුන් උදෙසා ආධ්‍යාත්මක උපදේශනය සඳහා යොමුවෙන්න. බොහෝදෙනාගේ හිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්නබුදුන් වහන්සේ ඔබ වහන්සේලා ව යොමු කලේ පක්ෂ දේශපාලනයට නොවේ. රාගයෙන්, ද්වේශයෙන් සහ මෝහයෙන් ගිනිගත් ලෝකයක ජීවත්වෙන අප කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්න. පල ගඳ හමන මඩගොහොරුවෙන් ඉවත්වීම ඉතාම කාලෝචිත දෙයකි. .