මනෝප්‍රිය ගුණසේකර
හෙරොයින් ග්‍රෑම් 14 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) මරණ දඩුවම නියම කළේය.
2008 වසරේ කළුබෝවිල දී මෙම වරද සිදු කිරිම සම්බන්ධයෙන් මෙලෙස මරණ දඩුවම නියම කරන ලද්දේ එම්.ඒ.සුමනසිරි හෙවත් ආනන්ද නැමැති පුද්ගලයකුටය.
COMMENTS
ළඟ තබාගත්ත කෙනාට මරණය ගෝනි ගණන් ගෙන්වන කෙනාට නිදහස. මේක නං අමුතුම රටක්...
එතකොට වෙලේ සුදා පාර්ලිමේන්තුවටද යවන්නේ?
අනේ කොයිතරම් ආසාවෙන්ද බලා ඉන්නේ? අර හාදයා මරණ දඬුවම ලැබුවේ මිනීමැරුමකට මිසක් කුඩු ගෙන්නුවට නෙමෙයිනේ....
මේක සාපේක්ෂව අසාධාරනයි
ප්‍රියන්ත, අදාළ පුද්ගලයාට එරෙහිව නඩු ගණනාවක් තියෙනවා. දඬුවම් නියම වූ පසු වෙනත් නඩුවකින් නිදොස් කොට නිදහස් කළ පමණින්, පෙර දුන් තීන්දු අවලංගු වෙන්නේ නෑ. ඔබ හුදෙක් පුවතක වැකි පමණක් කියවා නිගමන වලට එළඹිලා. හරියට ගවේෂණය කළා නම් අදාළ පුද්ගලයා මේ වන විටත් දඬුවම් නියම වී සිටින බව දැන ගත හැකියි.