(ටෝනි කරුණානායක)
රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 108 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සිසිර විජෙසුරිය මහතා අද (26) නියම කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක කාලයක් රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා අවසර ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු අද (26) අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
දිවුලපිටිය බටේපොල ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සැකකරු හෙරොයින් ජාවාරම් නිරත වී ඇති බව පොලිසිය පැවසීය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කටුනායක හිනටියන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ආර් චිත්‍රාසෝම නැමැති අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුට හෙරොයින් ලබා දී ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය වු බවත් එම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනය සිදුකරන බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
COMMENTS
උසාවියෙන් මරණ දඬුවම නියම කරලා තිබෙන කුඩු මුදලාලිලා එල්ලා මැරුවේ නැතිනම් මෙරට බේරාගන්න බැහැ. වසරකට ආරක්ෂක අංශ කුඩු ටොන් 1-2 ප්‍රමාණයක් උසාවියට ඉදිරිපත් කරනවා. ඔවුන් යටිමඩි ගහන්න සහ ආරක්ෂක අංශ වලට අසුනොවන කුඩු ප්‍රමාණය කුඩු ටොන් 100ක් වෙන්න ඇති.
මතකද මන්දා..!!! අර යටගිය දවස ඵක්තරා රජෙක් එයාගේ අග්‍ර අන්තේවාසික කුප්‍රකට ඇමතියෙක්ගේ ගෙදර හෙරොයින් තිබිලා නාකොටික් එකට මාට්ටු වුණාම කොළඹ ඉඳලා හෙලිකොප්ටරේකින් සුටුස් ගාලා ඇවිදින් ඌව බදාගෙන සෙනෙහස දක්වලා බේරගත්තු කථාවක් මම කියෙව්වා. ඒත් පරහකට තියෙන්නේ අද ඉන්න අයට ඒවා මතක නැති වීම...