(දීපා අධිකාරි)
හෙරොයින් දියකර රබර් කාපට් එකක ඔබ්බවා ඒවායින් කිලෝ පහක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්තාන ජාතික තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ මත් ද්‍රව්‍ය නාශක ඒකකය කියයි.
සැකකරු දෝහා කටාර් සිට පියාසර කළ ගුවන් යානයකින් පැමිණ ඇති අතර ඔහුගේ බෑගයේ රබර් කාපට් ආධාරයෙන් මිශ්‍ර කර සැකසූ බෑගයක මෙම දියර හෙරොයින් රැගෙන විත් ඇතැයි මත්ද්‍රව්‍ය නාශක ඒකකය පවසයි.
මේ ආකාරයට මත් ද්‍රව්‍ය දියකර ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු අවස්ථාව මෙය බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර නම් ගෙනාවේ කන්ටේනර් පිටින්. ඒවා නිදහස් කරන්න සමහර දේශපාලනඥයන් ලියුමුත් දුන්නා.