
(එච්.එම්.ධර්මපාල)
හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අද (18) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයින් තිදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 720 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් , ජංගම දුරකථන 6 ක් , රත්තරන් පවුම් 6 ක් සහ රුපියල් 325000 මුදලක් පොලිස් බාරයට ගත්බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල , බඩෝවිට , රාජගිරිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 34 ත් අතර පසුවන පුද්ගලයින් බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයින් දෙහිවල , රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වල නිරත වී ඇතැයි සිදුකරගෙන පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය කීය.


COMMENTS