සිංගප්පූරු ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමින් ව්‍යාජ ලෙස සැකසූ බි‍්‍රතාන්‍ය ගුවන් ගමන් බලපත් යොදා බි‍්‍රතාන්‍ය බලා ගුවන්ගත වීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණය විසින් මාස අටක සිර දඬුවම් නියම කර ඇතැයි එරට පළවන ‘‘ස්ටේ‍්‍රට් ටයිම්ස් ’’පුවත් පත ඊයේ (10) වාර්තා කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ නාගමනී කනගරත්න (46) , කන්දසාමි නිත්‍යානන්දන් (27) ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිවය.
මොවුන්ට එරෙහිව පැවති නඩු විභාගය අවසන් කරමින් සිංගප්පූරු රජය මෙම සිර දඬුවම නියම කරන ලදී.
ඉකුත් ජුනි 18 වැනිදා සිංගප්පූරු ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිට එරටට පැමිණ ඇති අතර පසුව සිංගප්පූරුවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට සූදානමින් සිටියදී එරට චැංගි ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැණුනි.
ඔවුන් ගුවන්ගත වීමට පෙර එරට ගුවන්තොටුපළ බලධාරීන් විසින් මෙම ලාංකිකයින් දෙදෙනාගේ ගුවන් ලියකියවිලි පරික්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ලෙස සැකසූ බි‍්‍රතාන්‍ය ගුවන්ගමන් බලපත් බවට තහවුරු වී ඇත.
පසුව අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයින් දෙදෙනා වැඩිදුර ප‍්‍රශ්න කිරීම වලින් පසුව සිංගප්පූරු පොලීසියට බාර දී රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඉන්පසුව එරට පොලීසිය විසින් මොවුන් දෙදෙනාට එරෙහිව නඩු පවරනු ලැබීය.
අත්අඩංගුවට පත් ලාංකිකයින් දෙදෙනා සිංගප්පූරු ඩොලර් 2800 ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 330,000 ක් වැය කරමින් මැලේසියානු තැරුව්කරුවකු මඟින් මෙලෙස ව්‍යාජ ලෙස සැකසූ බි‍්‍රතාන්‍ය ගුවන්ගමන් බලපත් ලබා ගෙන ඇත.
(125)
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරෙන් සිංගප්පුරු යන්න ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට සිරදඬුවම්