සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක
වවුනියාව නගරයේ පිහිටි රජයේ ඉන්ධන ගබඩා සංකීර්ණයෙන් ඩීසල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන ලීටර 2800ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන ලිපිකරු ඇතුළු නවදෙනකු අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති බවුසරය වවුනියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් බවත් එම මන්ත්‍රීවරයාට ඉන්ධනහල් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වැටලීම් අංශ නිලධාරීන් කණ්ඩායමක් ඉන්ධන සොරකමක් සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී ඉන්ධන ලීටර 2800 රැගෙනයමින් තිබූ බවුසරයද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් පිරිස අතර වවුනියාව රජයේ ඉන්ධන ගබඩා සංකීර්ණයේ ප්‍රධාන ගබඩා ආරක්ෂක නිලධාරී සහ කම්කරුවන් සිව්දෙනකු ද පුද්ගලික ඉන්ධන පිරවුම් හලක ඉන්ධන බවුසර් රථ රියදුරු සහ රිය සහයක ද සිටින බව පොලිසිය කියයි. සැකකරුවන් දීර්ඝ කාලයක සිට රජයේ ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන සොරාගෙන පුද්ගලික ඉන්ධන පිරවුම්හල් වෙත අලෙවිකොට මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම මන්ත්‍රී මේකට සම්බන්ධ ඇති නමුත් මේගැන ඇහුවොත් මන්ත්‍රී කියාවි , පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරයෙක් ගෙදර හිටපු භාර්යාව කරපු රුපියල් කොටි 16 ක ගනදෙනුව ගැන දැනගෙන හිටිය නැති එකේ , බවුසරයේ රියැදුර සහ ගෝලය බවුසරය කොපමණ තෙල් පුරවනවද දන්නවද කියල මගෙන් අහන එක සාධාරණද කියලා
දෙශපාලුවෙක්නේ බවුසරය අයිති. හොරකම දෙපැත්තෙන්ම.
මන්ත්‍රීවරයෙකුගේ? මම හිතුවා යහ පාලනය යටතේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු ඉතාම අවංක, පිරිසිදු, මනා චරිතයෙන් යුත්, හොර බොරු නැති මහත්වරු කියලා. ඔය කතාව කවුරුහරි ඊර්සියාවට කියන බොරුවක් වෙන්න ඇති. හී! හී!! හී!!
කට්ටිය එක්ක හොඳට බීලා තියෙනවා වගෙයි! ඒකට මාට්ටු වෙලා ඉන්නවා කියන වව්නියාවේ (හොර) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමත් ඔහුගේ පක්ෂයත් ප්‍රසිද්ධ කළානම් කොච්චර හොඳද? එහෙම වුණා නම්, පාර්ලිමේන්තුවට යවපු ඡන්ද දායකයින් මින් ඉදිරියටවත් තණකොළ කා පුන්නක්කු බීමෙන් වළකිනවා ඇත!